20. 4.
තිරච්ඡාන කථා
[දෙවියන් කෙරෙහි ඓරාවණ ආදි දිව්‍යපුත්‍රයෝ හස්තිර්‍වණ අශ්වර්‍වණ විකුර්‍වණ කෙරෙති. එහි තිරිසන්ගතයෝ නැත. යම් කෙනකුන්ට තිරිසන්වනින් සිටි දිව්‍යපුත්‍රයන් දැක ‘දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇතැ’යි අන්‍ධකනිකායවාසීනට සෙයින් ලබ්ධි ඇත් ද උන්ගේ වාද බිඳුනට ‘තිරච්ඡානකථා’ එයි.]
1. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තිරිසන්ගිය සත්ත්‍වයන් කෙරෙහි දෙවියෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෙව්ලොවැ තිරිසන් යෝනි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: දෙවියන් කෙරෙහි තිරිසන්ගතයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එහි කුරුමිණියෝ පළගැටියෝ මදුරුවෝ මැස්සෝ සපුසු නුහුසුවො සියපාහු ගඬවිල්හු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නම්,
ප. පා: භවත, එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ ඇත.’
5. ස. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එහි ඇත්ගොවුවෝ අස්ගොවුවෝ හස්ති ආදීන්ට යව (තණාදිය) දෙන්නෝ හස්තිදමනාදී කම් කරන්නෝ හස්ති ආදින්ට බත් පිසන්නෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පා: එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැත.’
තිරච්ඡාන කථා නිමි.