20. 5.
මග්ග කථා
[“පුබ්බේව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධෝ හොති - පළමු මැ ඔහුගේ කායකර්ම වාක්කර්ම ආජීව සුපරිශුද්ධ වෙයි” යන මේ සූත්රපාඨ ද, සම්යක් වචන කර්මාන්ත ආජීවයන්ගේ චිත්ත විප්රයුක්තතා ද නිසා නිෂ්පර්ය්යායයෙන් මාර්ගය පඤ්චාඞ්ගික වෙති’ යි මහිංසාසික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘මග්ගකථා’ එයි]
1. ස. පු: මාර්ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගිකමාර්ගය වදාරනලද නො: ඒ කෙසේ යැ යත්? “සම්යක්දෘෂ්ටි ය ... සම්යක්සමාධි” යි වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගික මාර්ගය වදාරනලද වී නම්, ඒ කෙසේ යැ යත්: ‘සම්යක්දෘෂ්ටි යැ … සම්යක් සමාධි’ යි වදාරනලද වී නම්,
ස. පා: භවත මාර්ගය පඤ්චාඞ්ගික යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: මාර්ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“මාර්ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්ගය උතුමි. සත්යයන් අතුරින් (දඃඛසත්යාදි) සතරපදයෝ උතුම්හ. ධර්මයන් අතුරින් විරාගය උතුමි. දෙපා ඇතියවුන් අතුරින් චක්ෂුස්මත් බුදුහු උතුම්හ” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් මාර්ගය අෂ්ටාඞ්ග ඇති වෙයි.
3. ස. පු: සම්යග් වචනය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යග්දෟෂ්ටිය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සම්යග් වචනය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යක්සංකල්පය … සම්යග්ව්යායාමය සම්යක්ස්මෘතිය … සම්යක්සමාධිය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සම්යග්කර්මාන්තය සම්යගාජීවය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යග්දෘෂ්ටිය … සම්යක්සමාධිය මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සම්යග්දෘෂ්ටි මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යග්වචන මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: සම්යග්දෘෂ්ටි මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යක්කර්මාන්ත … සම්යගාජීව මාර්ගාඞ්ග වෙයි එ ද මාර්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සම්යක්සංකල්ප … සම්යග්ව්යායාම ... සම්යක්ස්මෘතිය … සම්යක්සමාධි මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්යග්වචන … සම්යග්කර්මාන්ත … සම්යගාජීව මාර්ගාඞ්ග වෙයි, එ ද මාර්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ග වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.