20. 3.
නිරයපාල කථා
[‘නිරයෙහි නිරයසංවර්තතික කර්ම මැ නිරයපාලරූප වශයෙන් වධ කෙරෙත් මිස නිරයපාල සත්ත්වයෝ නැතැ’යි අන්ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිරයපාලකථා’ එයි.]
1. ස. පු: නිරයෙහි නිරයපාලකයෝ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි කම්කටොලු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“මෙලොවින් කරනලද පරලොවට ගියහු එහි දී වෙස්සභූ රජ ද නො නසයි. ප්රේතරාජ ද නො නසයි. සෝම යැ යම යැ වෛශ්රවණරජ යැ යන මොහු ද නො නසති. (වැළිත්) ස්වකීය කර්මයෝ මැ නසති” යි.
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් නිරයෙහි නිරැපල්ලෝ නැත.
6. ප. පු: නිරයෙහි නිරැපල්ලෝ නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, තුලුහුට යමපල්හු පඤ්චවිධබන්ධන නම් කම්කටොලු කෙරෙති: රත්වූ යහුලක් අතෙක ගසති. රත්වූ යහුලක් දෙවන අතැ ගසති රත්වූ යහුලක් පයෙකැ ගසති. රත්වූ යහුලක් දෙවන පයැ ගසති. රත්වූ යහුලක් උරමැද ගසති. හේ එහි දී තීව්ර වූ කටුක වූ දුක් වේදනා විඳී. ඒ පාපකර්ම ගෙවී අපගත නො වන තාක් කල් නො ද මියෙයි” වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් නිරයෙහි නිරෑපල්ලෝ ඇත.
7. ස. පු: නිරයෙහි යමපල්හු නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, යමපල්හු තුලුහු (යපොළොවැ) හොවා පොරොවින් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා තබා වැහෙයෙන් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු රියෙහි යොදා ඇවිළගත් ගිනි සහිත ප්රජ්වලිත පෘථුවියෙහි ඔබමොබ ඇවිදුවත් … මහණෙනි, යමපල්හු තුලුහු ඇවිළගත් ගිනි සහිත ප්රජ්වලිත වූ මහත් අඞ්ගාර පර්වතයට නංවති, බස්වති …