20. 2.
ඤාණ කථා
[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ වෙයි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පවත්නා කර්මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්යපරිච්ඡේදක (සත්යය පිරිසිඳුනා) මාර්ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන සත්යපරිච්ඡේදක ඥාන මැ ඥාන වෙයි. අන්ය ඥාන නැත. එහෙයින් පෘථග්ජනහට ඥාන නැතැයි හේතුවාදීන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ඤාණකථා’ එයි.]
1. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජනහට ප්රඥා ප්රජානන විචය ප්රවිචය ධර්මවිචය සංලක්ෂණ උපලක්ෂණ ප්රත්යුපලක්ෂණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෘථග්ජනහට ප්රඥා ප්රජානන විචය ... ප්රත්යුපලක්ෂණ ඇත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජනහට ප්රඥා ප්රජානන විචය … ප්රත්යුපලක්ෂණ ඇත් නම්,
ස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල ප්රථමධ්යානයට සමවදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ප්රථමධ්යානයට සමවදනේ නම්,
ස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පෘථග්ජන පුද්ගල ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට … චතුර්ත්ථධ්යානයට … ආකාසානඤ්චායතනයට සමවදනේ වේ ද? විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනේ වේ ද? පෘථග්ජන පුද්ගල දන් දෙන්නේ වේ ද, … සිවුරු දෙන්නේ වේ ද, පිඬුවා දෙන්නේවේ ද … සෙනසුන් දෙන්නේ වේ ද, ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ නම්,
ස. පා: භවත, ‘පෘථග්ජන පුද්ගලහට ඥාන නැතැ’ යි නො’ කියැයුතු මැ යැ.
4. ස. පු: පෘථග්ජනහට ඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල එ ඥානයෙන් දුඃඛපරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්රත්යක්ෂ කෙරේ ද, මාර්ගය වඩන්නේ වේ ද?.
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ඤාණ කථා නිමි.