2. 6.
දුක්ඛාහාරකථා
[‘දුඃඛ යැ’ දුඃඛ යැ’යි බස් බණනුයේ දුඃඛයෙහි ඥානය එළවාලයි. ඒ දුඃඛාහාර නමි. තෙල දුඃඛාහාරය ‘මාර්‍ගාඞ්ගයෙකැයි, මාර්‍ගපර්‍ය්‍යාපන්න යැ’යි ලබ්ධි ගත් වාදීහු ඇති. පූර්‍වශෛලියයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දුඃඛාහාරකථා එයි.]
1. ස. පු: දුඃඛාහාරය මාර්‍ගාඞ්ග, මාර්‍ගපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් කෙනෙක් ‘දුඃඛ’ යයි වචන බෙණෙත් නම්, ඔහු හැම මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (අවිදර්‍ශකයන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)
2. ස. පු: (නැවතත්) යම් කෙනෙක් ‘දුඃඛ’ යයි බස් බෙණෙත් නම් ඔහු හැම මාර්‍ගය වඩත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (විදර්‍ශකයන් සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: බාල පෘථග්ජනයෝ ‘දුඃඛ’ යයි වචන බෙණෙති. බාල පෘථග්ජනයෝ මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: මාතුඝාතක ... පිතුඝාතක ... අරහන්තඝාතක ... ලෝහිතුප්පාදක ... සඞ්ඝභේදක ‘දුඃඛ’ යයි වචන බෙණෙයි. සඞ්ඝභේදක මාර්‍ගය වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
දුක්ඛාහාරකථා නිමි.
2. 7.
චිත්තට්ඨිතිකථා
[සමාපත්තිචිත්ත හා භවාඞ්ගචිත්තය හා දෙදෙන අනුප්‍රබන්‍ධ විසින් වැටෙනු දැක එක් මැ සිතෙක බොහෝකල් සිටිතියි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට චිත්තට්ඨිතිකථා එයි.]
1. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඩ දිනක් උත්පාදක්‍ෂණයෙහිත් අඩදිනක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: එක් සිතෙක් දෙදිනක් සිටුනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දවසක් උත්පාදක්‍ෂණයෙහිත් දවසක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: එක් සිතෙක් සතර දිනක් සිටුනේ වේ ද? ... අටදිනක් සිටුනේ වේ ද ... දස දිනක් සිටුනේ වේ ද ... විසිදිනක් සිටුනේ වේ ද ... මසක් සිටුනේ වේ ද ... දෙමසක් සිටුනේ වේ ද ... සාරමසක් සිටුනේ වේ ද ... අටමසක් සිටුනේ වේ ද ... දසමසක් සිටුනේ වේ ද ... හවුරුද්දක් සිටුනේ වේ ද ... දෑවුරුද්දක් සිටුනේ වේ ද ... සාරවසක් සිටුනේ වේ ද ... අට වසක් සිටුනේ වේ ද ... දසවසක් සිටුනේ වේ ද ... විසිවසක් සිටුනේ වේ ද ... තිස්වසක් සිටුනේ වේ ද ... සතලිස් වසක් සිටුනේ වේ ද ... පනස්වසක් සිටුනේ වේ ද ... සියක් වසක් සිටුනේ වේ ද ... දෙසියවසක් සිටුනේ වේ ද ... සිව්සියවසක් සිටුනේ වේ ද ... පන්සියවසක් සිටුනේ වේ ද ... දහස්වසක් සිටුනේ වේ ද ... දෙදහස්වසක් සිටුනේ වේ ද ... සාරදහස්වසක් සිටුනේ වේ ද ... අටදහස්වසක් සිටුනේ වේ ද ... සොළොස්දහස් වසක් සිටුනේ වේ ද ... කපක් සිටුනේ වේ ද ... දෙකපක් සිටුනේ වේ ද ... සාරකපක් සිටුනේ වේ ද ... අටකපක් සිටුනේ වේ ද ... සොළොස් කපක් සිටුනේ වේ ද ... දෙතිස්කපක් සිටුනේ වේ ද ... සූසැට කපක් සිටුනේ වේ ද ... පන්සියකපක් සිටුනේ වේ ද ... දහසක් කප් සිටුනේ වේ ද ...