19. 7.
අච්චන්තනියාම කථා
[“සතිං නිමුග්ගො නිමුග්ගො’ ච හොති - වරක් ගැලුණේ ගැලුණේ මැ වේ” යන සූත්රපාඨ නිසා පෘථග්ජනහට අත්යන්තනියාමතා ඇතැ’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අච්චන්තනියාමකථා’ එයි.]
1. ස. පු: පෘථග්ජනහට අත්යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාතෘඝාතක අත්යන්තනියත (ඒකාන්ත නියමයෙන් එසේ) වේ ද, පිතෘඝාතක … අරහන්තඝාතක … රුධිරොත්පාදක … සඞ්ඝභේදක අත්යන්තනියත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පෘථග්ජනහට අත්යන්තනියාමතා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අත්යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වී නම්,
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අත්යන්තනියත පුද්ගලහට විචිකිත්සා නූඋපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රොතාපත්තිමාර්ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සකෘදාගාමි … අනාගාමි … අර්හන්මාර්ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කවර මාර්ගයෙකින් වේ ද?
ප. වි: අකුශල මාර්ගයෙනි.
ස. අනු: අකුශල මාර්ගය නෛර්ය්යාණික ක්ෂයගාමී බෝධගාමී අනාස්රව … අසාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශල මාර්ගය අනෛර්ය්යාණික … සාංක්ලේශික නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අකුශලමාර්ගය අනෛර්ය්යාණික … සාංක්ලේශික වී නම්,
ස. පා: භවත ‘අත්යන්තනියත පුද්ගලහට විචිකිත්සා අකුශලමාර්ගයෙන් ප්රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ නම්,
ස. පා: භවත ‘පෘථග්ජනහට අත්යන්තනියාමතා ඇතැ’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි නූපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රහීණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ප්රහීණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්රොතාපත්තිමාර්ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකෘදාගාමී මාර්ගයෙන් … අනාගාමි මාර්ගයෙන් ... අර්හන්මාර්ගයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...