17. 8.
න වත්තබ්බං සඞ්ඝො භුඤෝජතීති කථා
[මාර්ගඵල මැ සඞ්ඝ නම් වෙති. මාර්ගඵලයෝ කිසිවක් නොවළඳතී. එයින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා’ එයි.]
1. ස. පු: සඞ්ඝ තෙම භෝජන පාන ඛාදන සායන කෙරෙයි’ යනු නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන (හුළුකැන් බීම) කරන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන කරන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ කියැයුතු මැ යි.
2. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරනලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරන ලද වී නම්,
ස. පා: භවත, එකරුණින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී” කියැයුතු මැ යි.
3. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් (සඟුන් උදෙසා,) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුනුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින්: (සඟුන් උදෙසා) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු වී නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ යි කියැයුතු මැ යි.
4. ප. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කරන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාර්ගය භෝජන පාන ඛාදන සායන කෙරේ ද? ඵලය භෝජන පාන ඛාදන සායන කෙරේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිමි.