17. 7.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා
[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙයි. මාර්‍ගඵලයෝ දක්‍ෂිණා විශුද්ධ කරන්නට නො හැකි වෙති. එකරුණින් “සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසෝධේතිතී කථා’ එයි.]
1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, ඇඳිලි බැඳි වඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්?
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යි.
2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විසුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාවිශුද්ධිය කෙරෙති’ යි කියැයුතු මැ යැ.
ස. අනු: සඞ්ඝයාට සිවුරු දී ... පිඬුවා දී ... සෙනසුන් දී ... ගිලන්පසබෙහෙත්පිරිකර දී ... කැවිලි දී ... බොජුන් දී ... පැන් දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟනට පානීය දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
4. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කරන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාර්‍ගය විශුද්ධ කරන්නේ වේ ද? ඵලය විශුද්ධ කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා නිමි.