17. 6.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා
[පරමාර්ත්ථ විසින් මාර්ගඵල මැ සඞ්ඝ වෙයි. මාර්ගඵලයෙන් අන්ය සඞ්ඝ නම් කිසිවෙක් නැත. මාර්ගඵලයෝ කිසිවක් නො පිළිගනිති. එහෙයින් සඞ්ඝයා දක්ෂිණාව පිළිගනිතී නො කියැයුතු යැ’ යි මහාපුණ්යවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා’ එයි.]
1. ස. පු: ‘සඞ්ඝයා දක්ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා දුර සිට ගෙනවුත් පුදනට නිසි, ආදර බහුමාන පූර්වක වැ පුදනට නිසි, දක්ෂිණාවට (කම්පල අදහා දෙන දනට) නිසි, ඇඳිලි බඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්යක්ෂේත්ර නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පින්කෙත් වී නම්?
ප. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්ෂිණාව පිළිගනිතී’ කියැයුතු මැ යැ.
2. ස. පු: ‘සඞ්ඝයා දක්ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්ෂිණාර්හයහ’ යි වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ විසින් ‘සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්ෂිණාර්හයහ’ යි වදාරන ලද නම්,
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්ෂිණා පිළිගනිතී කියැයුතු මැ යැ.
3. ස. පු: ‘සඞ්ඝයා දක්ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයාට දන්දෙන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කිසි කෙනෙක් සඞ්ඝයාට දන් දෙන්නාහු ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්ෂිණා පිළිගනිතීයි කියැයුතු.
ස. අනු: සඞ්ඝයාට චීවර දෙන්නාහු ... පිණ්ඩපාත දෙන්නාහු ... ශයනාසන දෙන්නාහු ... ග්ලානප්රත්යයභෙෂජ්යපරිෂ්කාර දෙන්නාහු ... ඛාදනීය දෙන්නාහු ... භෝජනීය දෙන්නාහු ... පානීය දෙන්නාහු ඇත් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයාට පැන් දෙන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්ෂිණා පිළිගන්නේ යයි කියැයුතු.
4. ස. පු: ‘සඞ්ඝයා දක්ෂිණා පිළිගනිති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“අග්නිය ආහුතිය (පිළිගන්නා) සෙයින්, පෘථිවිය මහාමේඝය (පිළිගන්නා) සෙයින් සමාධිසම්පන්න සඞ්ඝයා දක්ෂිණා පිළිගනිති” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්ෂිණා පිළිගන්නේ වේ.
5. ප. පු: සඞ්ඝයා දක්ෂිණා පිළිගන්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාර්ගය පිළිගන්නේ වේ ද, ඵලය පිළිගන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිමි.