17. 4.
ඉන්ද්රියබද්ධකථා
[‘දුඃඛය ඉන්ද්රියබද්ධ යැ අතින්ද්රියබද්ධයැයි ද්විවිධ යි. ඉන්ද්රියබද්ධය දුකට වස්තු බැවින් දුඃඛ වෙයි. අතින්ද්රියබද්ධය උදයව්යප්රතිපීඩනාර්ත්ථයෙන් ‘යමෙක් අනිත්ය වී නම් ඒ දුකැයි’ සඞ්ගෘහීත බැවින් දුඃඛ වෙයි. මේ වෙනස නො ගෙන ‘යම් දුඃඛයක්හුගේ පරිඥා පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචර්ය්ය වාස කරන්නේ නම්, ඒ ඉන්ද්රියබද්ධය මැ දුඃඛ වෙයි. අනෙකක් දුඃඛ නො වේ’ යයි හේතුවාදින් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්ද්රියබද්ධකථා’ එයි.]
1. ස. පු: ඉන්ද්රියබද්ධය මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉන්ද්රියබද්ධය මැ අනිත්ය සංස්කෘත ප්රතීත්ය සමුත්පන්න වේ ද? ක්ෂයස්වභාව ව්යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතින්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ප්රතීත්ය සමුත්පන්න නො? ක්ෂයස්වභාව ව්යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතින්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ප්රතීත්ය සමුත්පන්න වී නම්, ක්ෂයස්වභාව ව්යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: භවත ‘ඉන්ද්රියබද්ධය මැ දුඃඛ වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: අනින්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ප්රතීත්යසමුත්පන්න වේ ද? ක්ෂයස්වභාව ව්යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඉන්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ඉන්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනින්ද්රියබද්ධය අනිත්ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඉන්ද්රියබද්ධය මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් “යමෙක් අනිත්ය වේ නම් ඒ දුකැ” යි වදාළ පරිදි අනින්ද්රියබද්ධය අනිත්ය නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “යමෙක් අනිත්ය වේ නම් ඒ දුකැ” යි භාග්යවතුන් වහන්සේ විසින් වදාළ පරිදි අතින්ද්රියබද්ධය අනිත්ය වී නම්,
ස. පා: භවත ‘ඉන්ද්රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු මැ යැ.
5. ප. පු: ඉන්ද්රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: යම්සේ ඉන්ද්රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචර්ය්යවාස කරන්නේ වේ ද, එපරිදි මැ අතින්ද්රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බ්රහ්මචර්ය්යවාස කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. අනු: යම්සේ ඉන්ද්රියබද්ධදුඃඛයාගේ පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද, එපරිදි මැ අනින්ද්රියබද්ධදුඃඛය පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: ඒ කරුණින් ‘ඉන්ද්රියබද්ධය මැ’ දුඃඛ වෙයි.
ඉන්ද්රියබද්ධකථා නිමි.