17. 2.
නත්ථි අරහතො අකාලමච්චූති කථා
[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවේදිත්වා බ්යන්තීභාවං වදාමියි. මහණෙනි, කළ රැස් කළ සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි” යි වදාළ සූත්රාර්ත්ථ නුනුවණින් ගෙන රහත්හු නම් හැම කර්මවිපාක විඳලා මැ පිරිනිවියයුතු වෙති. එයින් රහත්හට අකල්මරණ නැතැ’ යි රාජගිරික සිදධාර්ත්ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නත්ථි අරහතො අකාලමච්චූති කථා’ එයි.]
1. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යමෙක් රහතුන් වහන්සේ දිවියෙන් ගළවනුයේ වේ නම්, ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනු වේ ද? ජීවිතය නැති කල්හි ජීවිතශේෂය නැති කල්හි දිවියෙන් ගළවනු වේ ද?
ප. පටිඤ්ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වෙයි.
ස. ඨ: ඉදින් ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: ජීවිතය ජීවිතාවශේෂය නැති කල්හි දිවියෙන් ගළවනුයේ වේ ද? අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්ර වදනේ ගිනි වදනේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්ර වදනේ ගිනි වදනේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: රහත්හට අකල්මරණ ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි. එ ද දෘෂ්ටධර්මයෙහි හෝ උපපද්යයෙහි හෝ අපරපර්ය්යායෙහි වේ” යයි වදාළ සුත්රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පා: එකරුණින්, ‘රහත්හට අකල්මරණ නැත.
නත්ථි අරහතො අකාලමච්චූති කථා නිමි.