17. 11.
දක්ඛිණාවිසුද්ධි කථා
[“ඉදින් ප්‍රතිග්‍රාහක කෙරෙන් දක්‍ෂිණාවිශුද්ධි වේ නම්, මහත්ඵල වේ නම්, ‘දායකයා විසින් දන් දෙන ලද යැ, ප්‍රතිග්‍රාහකයා විසින් ඵල නිපයන ලදැ’ යි අනෙකෙක් අනෙකක්හුගේ දානඵල නිපයනු වන්නේ සුඛදුඃඛ පරකෘත බවට පැමිණෙන්නේ යැ. අනෙකෙක් කර්‍ම කරන්නේ යැ. අනෙකෙක් විපාක විඳුනේ යි. එහෙයින් දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘දක්ඛිණාවිසුද්ධිකථා’ එයි.]
1. ස. පු: දානය දායකයා කෙරෙන් මැ විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ‍්ජලිකරණයට නිසි, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ආහුනනයට නිසි පාහුනනයට නිසි දක්‍ෂිණාවට නිසි අඤ‍්ජලිකරණයට නිසි ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘සතර පුරිස්යුග වූ අටාඅරීපුඟුල්හු දක්‍ෂිණාවට නිස්සහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන (අල්පමාත්‍ර දක්‍ෂිණායෙන්) මහත්ඵල උපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: සෙදගැමිහට … අනගැමිහට … රහත්හට දන් දී ... දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හට දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
4. ප. පු: ප්‍රතිග්‍රාහකයා කෙරෙන් දානය විශුද්ධ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරනුයේ අනෙකෙක් විඳුනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.