17. 10.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා
[“භාග්යවත් බුදුහු කිසිවක් නො වළඳති. ලෝකානුවර්තන පිණිස වළඳනුවන් සෙයින් තමන් දක්වති. දානය නිරූපකාර හෙයින් උන්වහන්සේ කෙරෙහි පුදන ලද්දේ මහත්ඵල නො වෙයි.” යනුවෙන් මහා පුණ්යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
1. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්ර නො? දෙපා ඇතියන් කෙරෙන් ශ්රේෂ්ඨ නො? දෙපා ඇතියන් කෙරෙන් ප්රමුඛ නො? දෙපා ඇතියන් කෙරෙන් උත්තම නො? දෙපා ඇතියන් කෙරෙන් ප්රවර නො? අසම අසමසම අප්රතිසම අප්රතිභාග අප්රතිපුද්ගල නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්ර වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ශ්රේෂ්ඨ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්රමුඛ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් උත්තම වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්රවර වූ නම්, අසම අසමසම අප්රතිසම අප්රතිභාග අප්රතිපුද්ගල වූ නම්,
ස. පා: භවත, ‘එකරුණින් බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියයුතු මැ යැ.
2. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් ඇද්ද?
ප. වි: නැත.
ස. ඨ: ඉදින් ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් නැත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යැ.
3. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“විපුලඵල ඉලියන පුණ්යාතීර්ට ජනයනත යම සර්වඥ කෙනෙක් අන්නපානප්රතිග්රහණයට අර්හ වූවෝ ප්රතිග්රාහකයන් අතුරෙහි අග්රභාවයත ගියෝ ද, මෙලොව වේවයි තදන්යලෝකයෙක වේවයි ඒ සර්වඥයනට වඩා ශ්රේෂ්ඨ කෙනෙක් හෝ ඔබට සම කෙනෙක් හෝ නැතැ” යි
වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වේ.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.