16. 10.
රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ
අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා
අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා
[කාමරාගය කාමධාතුපරියාපන්න හෙයින් රූපරාගඅරූපරාග දු රූපාරූපධාතු පරියාපන්න වියයුතු යයි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා’ එයි.]
1. ස. පු: රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වෙයි නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත, “රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වෙතී” නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගන්ධරාගය ... රසරාගය ... ස්ප්රෂ්ටව්යරාගය ස්ප්රෂ්ටව්යධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දරාගය ‘ශබ්දධාතුපර්ය්යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද,
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ගන්ධරාගය ... රසරාගය ... ‘ස්ප්රෂ්ටව්යරාගය ස්ප්රෂ්ටව්යධාතු පර්ය්යාපන්න වෙති’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්ය්යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අරූපරාගය අරූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්ය්යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අරූපරාගය අරූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය සිත හා සමග උපපත්තෙසිය සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්ම සුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.