14. 9.
අපරියාපන්නකථා
[යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද, ‘විගතදෘෂ්ටිකහ’යි නො කියැයුතු වේ ද, එහෙයින් ‘දෘෂ්ටිය අපරියාපන්න යැ’යි පූර්වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරියාපන්නකථා’ එයි.]
1. ස. පු: දෘෂ්ටිගතය අපරියාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්ග වේ ද? ඵල වේ ද? නිර්වාණ වේ ද? ශ්රෝතාපත්තිමාර්ග වේ ද? ශ්රෝතාපත්තිඵල වේ ද? සකෘදාගාමිමාර්ග වේ ද? සකෘදාගාමි ඵල වේ ද? අනාගාමිමාර්ග වේ ද? අනාගාමිඵල වේ ද? අර්හත්ත්වමාර්ග වේ ද? අර්හත්ත්වඵල වේ ද? ස්මෘතිප්රස්ථාන වේ ද? සම්යක්ප්රධාන වේ ද? ඍද්ධිපාද වේ ද? ඉන්ද්රිය වේ ද? බල වේ ද? බෝධ්යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘දෘෂ්ටිගතය අපර්ය්යාපන්න වේය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘විගතදෘෂ්ටිකය’යි කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අපර්ය්යාපන්න’ වෙයි.
අපරියාපන්නකථා නිමි.
තුදුස්වන වග යි.
එහි උද්දානය:
කුසලාකුසලපටිසන්දහනකථා යැ සළායතනුප්පත්තිකථා යැ අනන්තරපච්චයකථා යැ අරියරූපකථා යැ අඤ්ඤො අනුසයොති කථා යැ පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා යැ පරියාපන්නකථා යැ අබ්යාකතකථා යැ අපරියාපන්නකථා යි.