14. 8.
අබ්‍යාකතකථා
[විපාක ක්‍රියා රූප නිර්‍වාණ යන චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් ‘අව්‍යාකෘත’ යයි වදාරනලද යැ. “සස්සතෝ ලොකොති ඛො වච්ඡ අබ්‍යාකතමෙතං” ආදි තන්හි ශාශ්වතාදි භාවයෙන් නො වදාළ බැවින් අව්‍යාකෘත නම් වෙයි. මේ භේදය නො ගෙන පළමු අව්‍යාකෘතය මෙන් මැ දෘෂ්ටිගතය ‘අව්‍යාකෘත’ යයි අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකතකථා’ එයි.]
1. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකාව්‍යාකෘත වේ ද? ක්‍රියාව්‍යාකෘත වේ ද? රූප වේ ද? නිර්‍වාණ වේ ද? චක්‍ෂුරායතන වේ ද? ... ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ස්පර්‍ශය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඵල අවිපාක වේ ද ?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සඵල සවිපාක නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සඵල සවිපාක වී නම්,
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද වී නම්,
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, මිථ්‍යාදෘෂ්ටි අකුශල වෙයි ... සම්‍යග්දෘෂ්ටි කුශල වේ”යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු යැ.
9. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.