14. 7.
පරියාපන්නකථා
[‘යම් හෙයෙකින් කාමරාගය කාමවිතර්ක සඞ්ඛ්යාත කාමධාතුව සහජාත වශයෙන් ලුහුබඳනේ කාමධාතුපර්ය්යාපන්න වේ ද, එහෙයින් මැ රූපාරූපරාගයෝත් රූපාරූපධාතු ලුහුබඳනාහු රූපාරූපධාතුපර්ය්යාපන්න වෙති’යි අන්ධකසමමිතීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියාපන්න කථා’ එයි.]
1. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දිට්ඨධම්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසිය චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර චිත්තය හා සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්රයුක්ත වූයේ ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වන චිත්තය හා උපපත්තෙසිය නො වන චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර නො වන චිත්තය හා සහගත වැ සහජාත වැ සංසෘෂ්ට වැ සම්ප්රයුක්ත වැ ඒකෝත්පාද වැ ඒකනිරෝධ වැ ඒකවස්තුක වැ ඒකාලම්බන වැ සිටුනේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ ... ඒකාලම්බන නො වී නම්,
අනු. පා: භවත, රූපරාගය රූපධාතුව අනුශය වශයෙන් ගන්නේ, රූපධාතු පර්ය්යාපන්න වේ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගන්ධරාගය ... රසරාගය ... ස්ප්රෂ්ටව්යරාගය ස්ප්රෂ්ටව්යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්රෂ්ටව්යධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්ය්යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්ය්යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ගන්ධරාගය ... රසරාගය ... ස්ප්රෂ්ටව්යරාගය ස්ප්රෂ්ටව්යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්රෂ්ටව්යධාතු පර්ය්යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්ය්යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දෘෂ්ටධර්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසියචිත්තය හා දෘෂ්ටධර්මසුඛවිහාරචිත්තය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...