14. 6.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
[අනිත්යාදි විසින් මෙනෙහි කරනුවහටත් රාගාදීහු උපදිත්නු’යි පර්ය්යුත්ථානය චිත්තවිප්රයුක්ත යයි අන්ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා’ එයි.]
1. ස. පු: පර්ය්යුත්ථානය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප යැ නිර්වාණ යැ චක්ෂුරායතන යැ .... ස්ප්රෂ්ටව්යායතනය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පර්ය්යුත්ථානය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් ... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත ‘පර්ය්යුත්ථානය චිත්තවිප්රයුක්ත යැ’යි නො කියැයුතු මැ යැ.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.
14. 7.
පරියාපන්නකථා
[‘යම් හෙයෙකින් කාමරාගය කාමවිතර්ක සඞ්ඛ්යාත කාමධාතුව සහජාත වශයෙන් ලුහුබඳනේ කාමධාතුපර්ය්යාපන්න වේ ද, එහෙයින් මැ රූපාරූපරාගයෝත් රූපාරූපධාතු ලුහුබඳනාහු රූපාරූපධාතුපර්ය්යාපන්න වෙති’යි අන්ධකසමමිතීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියාපන්න කථා’ එයි.]
1. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දිට්ඨධම්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසිය චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර චිත්තය හා සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්රයුක්ත වූයේ ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වන චිත්තය හා උපපත්තෙසිය නො වන චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර නො වන චිත්තය හා සහගත වැ සහජාත වැ සංසෘෂ්ට වැ සම්ප්රයුක්ත වැ ඒකෝත්පාද වැ ඒකනිරෝධ වැ ඒකවස්තුක වැ ඒකාලම්බන වැ සිටුනේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ ... ඒකාලම්බන නො වී නම්,
අනු. පා: භවත, රූපරාගය රූපධාතුව අනුශය වශයෙන් ගන්නේ, රූපධාතු පර්ය්යාපන්න වේ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතු පර්ය්යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...