14. 4.
අරියරූපකථා
[සම්මාවාචා යැ සම්මාකම්මන්ත යැ යන මේ අරියරූපය යි ගණිති. එ ද උපාදායරූප යයි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියරූපකථා’ එයි.]
1. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූප කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතයෝ කුශල වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මහාභූතයෝ අව්‍යාකෘත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූප අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූපය අනාස්‍රව, අසංයෝජනිය, අග්‍රන්‍ථනීය, අනෝඝනීය, අයෝගනීය, අනීවරණිය, අපරාමෘෂ්ට, අනුපාදානිය, අසාංක්ලේශික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතයෝ අනාස්‍රව ... අසාංක්ලේශික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මහාභූතයෝ සාස්‍රව සංයෝජනිය ... සාංක්ලේශික වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූපය සාස්‍රව, සංයෝජනිය ... සාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: ‘ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සතර මහාභූතයෝ යැ සතර මහාභූතයන්ගේ උපාදායරූපයෝ යැ’යි යම් මැ රූපයෙක් වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘අරියරූපය මහාභූතයන්ගේ උපාදාය රූප’ වෙයි. (ආර්‍ය්‍යරූපය අසිද්ධ හෙයින් අසාධකයි.)
අරියරූපකථා නිමි.
14. 5.
අඤ්ඤො අනුසයොතිකථා
[යම් හෙයෙකින් පෘථග්ජනයා කුසලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි ‘සානුශයහ’යි කියැයුතු වුව ද ‘පර්‍ය්‍යුත්‍ථිතහ’යි නො කියයුතු බැවින් ‘අනුශය නම් අනෙකෙක, පර්‍ය්‍යුත්‍ථාන නම් අනෙකෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අඤ්ඤො අනුසයොතිකථා’ එයි.]
1. ස. පු: කාමරාගානුශය අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාග අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද? (පර්‍ය්‍යුත්‍ථාන නම් නැගීසිටීමයි)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ කාමරාගය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථානය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ කාමරාගානුශය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්‍රතිඝානුශය, අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිඝය අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ප්‍රතිඝය මැ ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ප්‍රතිඝානුශය මැ, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මානානුශය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...