14. 3.
අනන්තරපච්චයකථා
[නෘත්‍යගිතාදියෙහි දී ඇති වන රූපදර්‍ශන ශබ්දශ්‍රවණාදීන්ගේ වහා සිදුවන පරිවර්‍තන දැක ‘මේ විඥානයෝ උනුනට අනන්තර වැ උපදිති’යි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරපච්චයකථා’ එයි.]
1. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ ආවර්‍ජනා ... ප්‍රණිධි මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: (තොප මතයෙහි) චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද ඒ මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි නොකරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නොවන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ” යයි නො කියැයුතු මැ යැ.