14. 2.
සළායතනුප්පත්තිකථා
[‘උපපත්තෙසිය - පිළිසඳ සිත සමග මැ ඕපපාතිකයනට ෂඩායතන උපදනේ යැ. ජරායුජ සත්ත්වයනට ප්රතිසන්ධික්ෂණයෙහි මනායතන කායායතන දෙදෙන මැ උපදනාහ. ආධ්යාත්මික ආයතනයන් කෙරෙහි ඉතිරි සතර ආයතන සත්සැත්තෑරැසෙහි උපදිති. ඔහු ද ඒ ප්රතිසන්ධිකර්මය හෝ අනෙක් කර්මයක් හෝ කළ හෙයිනැ’යි ස්වසමයෙහි වාද යි. එතෙකුදු වුව ‘ඒකකර්මසම්භවතාහේතුයෙන් ශාඛාවිටපසම්පන්න වෘක්ෂාදීන්ගේ අඞ්කුරෝද්ගමනය සෙයින් මවුකුසැ ප්රතිසන්ධික්ෂණයෙහි දී මැ බිජමාත්ර ෂඩායතන ඇති’යි පූර්වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනුප්පත්තිකථා’ එයි.]
1. ස. පු: ෂඩායතන පෙර පසු නො වැ මවුකුසැ පිහිටා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම අඟපසඟ ඇති වැ අනූන ඉඳුරන් ඇති වැ මවුකුසැ සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උප්පත්තෙසිය (ප්රතිසන්ධි) සිතින් චක්ෂුරායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්ෂය පිහිටා ද, කර්ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත්තෙසිය සිතින් ශ්රෝත්රායතනය ... ඝ්රාණායතනය ... ජිහ්වායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්ෂය පිහිටා ද, කර්ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: මාතෘකුක්ෂිගතයාහට පසු වැ චක්ෂුරායතන උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්ෂියෙහි දී චක්ෂුෂ්ප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: මාතෘකුක්ෂිගතයාහට පසු වැ ශ්රෝත්රායතන ... ඝ්රාණායතන ... ජිහ්වායතන උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්ෂියෙහි ජිහ්වායතන ප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: මාතෘකුක්ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්ෂියෙහි දී අස්ථිප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘මාතෘකුක්ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ යැ’යි කියැයුතු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“පළමු වැ කලලරූපය වෙයි. කලලරූපයෙන් අර්බුද වෙයි. අර්බුදයෙන් පේශි උපදි. පෙශියෙන් ඝන වෙයි. ඝනයෙන් ප්රශාඛයෝ ද කෙස් ලොම් නිය ද උපදිත්.
ඔහුගේ මව ආහාරපාන සඞ්ඛ්යාත යම් මැ බොජුනක් බුදී ද, ඒ මාතෘකුක්ෂිගත සත්ත්වයා එයින් යැපේ”යයි
වදාළ සුත්රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පු: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘මාතෘකුක්ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනාහු වෙත්.
සළායතනුප්පත්තිකථා නිමි.