13. 9.
ධම්මතණ්හා අබ්‍යාකතාතිකථා
[‘රූපාදි සවැදෑරුම් තෘෂ්ණා කෙරෙහි හැමට පසු තෘෂ්ණාව යම් හෙයෙකින් ‘ධම්මතණ්හා’ යි කියන ලද ද, එහෙයින් ‘ධර්‍මතෘෂ්ණාව අව්‍යාකෘතය’ යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මතණ්හා අඛ්‍යාකතාති කථා’ එයි.]
1. ස. පු: ධර්‍මතෘෂ්ණා (මනෝද්වාරයෙන් සිතවන් අරමුණු කෙරෙහි තෘෂ්ණාව) අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකයෝ අව්‍යාකෘත වෙති, ක්‍රියා අව්‍යාකෘත යැ, රූපය නිර්‍වාණය චක්‍ෂුරායතනය ... ස්‍ප්‍රෂ්ටව්‍යායතනත් අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: රූපතෘෂ්ණා අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නම්,
ස. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය අකුශල යයි වදාරනලද නො, ධර්‍මතෘෂ්ණා ලෝභ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝභය අකුශල යයි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,
අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...