13. 10.
ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා
[ධර්‍මතෘෂ්ණාව ‘ධම්මතණ්හා’ යයි කී හෙයින් එය දුක්ඛසමුදය නො වේ යයි පූර්‍වශෛලීයනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳිනට ‘ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා’ එයි.]
1. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්,
අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය ය’යි වදාරනලද නො? ධර්‍මතෘෂ්ණාව ලෝභ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,
අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...