13. 8.
අසාතරාගකථා
[‘යං කිඤ්චි වේදනං වේදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වේදනං අභිනන්දති අභිවදති - සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්දන කෙරෙයි. එයට ස්තුති කෙරෙයි’ යන සූත්රපාඨයෙහි දෘෂ්ටි අභිනන්දන වශයෙන් වදාළ ‘අභිනන්දති’ යන වචනය ගෙන දුඃඛ වේදනාව පිළිබඳවත් රගාස්වාද වශයෙන් අභිනන්දනයෙක් ඇත්නු යි අසාතරාගය පිළිගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අසාතරාගකථා’ එයි.]
1. ස. පු: අසාතරාගය (දුඃඛවේදනායෙහි මේ වේදනා මට ඇත් නම් මැනැවැයි රජ්ජනායෙක්) ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුක පතන කැමැති වන සොයන ගවේෂණය කරණ පර්ය්යෙෂණ කරණ, දුකෙහි බැස සිටුනා දුක අභිනන්දනා කරන යම් මැ සත්ත්ව කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්ය්යෙෂණා කරන සුවයෙහි බැස සිටුනා සුවය අභිනන්දනා කරන යම් මැ සත්ත්ව කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්ය්යෙෂණා කරන සුඛයෙහි බැසසිටුනා සුඛය අභිනන්දනා කරන යම් මැ සත්ත්ව කෙනෙක් ඇත්තාහු නම්,
අනු. පා: භවත, ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: අසාතරාගයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි,) දුඃඛවේදනායෙහි රාගානුශය ලුහුබඳී, සුඛවේදනායෙහි ප්රතිඝානුශය ලුහුබඳනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ දුඃඛවේදනායෙහි ප්රතිඝානුශය ලුහුබඳනේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ වේ නම්, දුඃඛවේදනායෙහි ප්රතිඝානුශය ලුහුබඳනේ වේ නම්,
අනු. පා: භවත ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු? “හේ මෙසේ අනුරෝධවිරෝධයට පැමිණියේ සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්දන කෙරෙයි, බෙණෙයි, බැසගෙන සිටී” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: එකරුණින් ‘අසාතරාගයෙක් ඇත’.
(දිට්ඨිමඤ්ඤනා වශයෙන් දුඃඛවේදනා අභිනන්දන කෙරෙයි. එය අසාතරාගයට සාධක නො වේ.)
අසාතරාගකථා නිමි.