13. 6.
සම්මුඛීභූතකථා
[මෙහි නිදානය ද නිවුත්කථායෙහි මෙනි.]
1. ස. පු: (සංයෝජනයන්ගේ) සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඨ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශයන් හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශයන් හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රාගය චිත්තසම්ප්රයුක්ත යැ. මාර්ගය චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය අකුශල යැ. මාර්ගය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල වූ ... ධර්මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, මේ සුවීදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැනු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ ... ධර්මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සංයෝජනයන්ගේ සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ ... ආස්රවක්ෂයඥානය පිණිස චිත්තය නතු කෙරෙයි” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැ යුතු යැ.
6. ප. පු: ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්රව කෙරෙනුදු මිදෙයි ... අවිද්යාස්රව කෙරෙනුදු මිදේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටි: එසේ යැ.
ප. ආ: එකරුණින් සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ.
සම්මුඛීභූතකථා නිමි.