13. 5.
නිවුතකථා
[‘ශුද්ධපුද්ගලයාහට ශුද්ධිකෘත්ය නැති බැවින් නීවරණයෙන් නිවෘත වූයේ (වෙළුණු පුද්ගලයා) නීවරණ දුරු කෙරේ’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිවුතකථා’ එයි.]
1. ස. පු: නීවරණයෙන් නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඪ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශය හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රාගය චිත්තසම්ප්රයුක්ත වේ ද? මාර්ගය චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය අකුශල වේ ද? මාර්ගය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාග ධර්මයෝ සම්මුඛීභාවයට එද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාග ධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහසත් පොළොවත් යන මෙදෙක පළමු වන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල ... ධර්මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ වූ කල්හි පර්ය්යවදාත වූ කල්හි අනඞ්ගණ වූ කල්හි විගතෝපක්ලේශ වූ කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වූ කල්හි ස්ථිතිප්රාප්ත කල්හි අකම්ප්යභාවයට පැමිණි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස සිත නමන්නේ යැ” යි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියා’යි නො කියැයුතු මැ යැ.
6. ප. පු: “නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්රවයෙනුදු සිත මිදෙයි ... අවිද්යාස්රවයෙනුදු සිත මිදේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වෙයි.
(සූත්රපාඨයෙන් දැක්වෙන්නේ ආස්රවක්ෂය මිස නිවෘතයාගේ නීවරණ හැරලීමෙක් නොවේ. එහෙයින් අසාධකයි.)
නිවුතකථා නිමි.