13. 4.
නියතස්ස නියාමකථා
[නියාමය දෙපරිදි වෙයි. එහි ආනන්තර්ය්ය කර්මය මිථ්යාත්වනියාම වෙයි. ආර්ය්යමාර්ගය සම්යක්ත්වනියාමය වෙයි. මේ නියාමධර්ම දෙක තබා අන්ය නියාමයෙක් නැත. සියලු ත්රෛභූමකධර්මයෝ අනියතයහ. එයින් යුක්ත වූයේත් අනියත මැ වෙයි. බුදුවරුන් විසින් තමන්ගේ ඥානබලයෙන් ‘මේ සත්ත්වයා අනාගතයෙහි බුදු වෙති’යි ව්යාකෘත වූ බෝධිසත්ත්ව තෙමේ අත්යන්ත පින් ඇති හෙයින් නියත’ යයි කියනු ලැබේ. මේ ව්යවහාර මාත්රය ගෙන ‘පශ්චිමභවික බෝධිසත්ත්වයා ධර්මාභිසමයට භව්යය’ යි යන අදහසින් ‘නියත වූයේ ආර්ය්යමාර්ග නියාමයට බැස ගන්නේ වේ ය’ යි පූර්ව ශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නියතස්ස නියාමකථා’ එයි]
1. ස. පු: නියත වූ සත්ත්වයා නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිථ්යාත්වනියත සත්ත්වයා සම්යක්ත්වනියාමයට බැස ගන්නේ වේ ද? සම්යක්ත්වනියත සත්ත්වයා මිථ්යාත්වනියාමයට බැසගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නියත සත්ත්වයා නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෙර මාර්ගය භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර ශ්රෝතාපත්ති මාර්ග භවා පසු වැ ශ්රෝතාපත්ති නියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර සෙදගැමි මග ... අනගැමි මග ... රහත්මග භවා පසු වැ අර්හත්ත්වනියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර සතිපට්ඨාන ... සම්යක්ප්රධාන ... ඍද්ධිපාද ... ඉන්ද්රිය ... බල ... බෝධ්යඞ්ග භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: ‘නියත සත්ත්වයා නියාමයට බැසගන්නේ ය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: බෝධිසත්ත්ව තෙමේ ඒ ජාතියෙහි ධර්මාභිසමයට භව්ය නොවන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් නියතසත්ත්වයා නියාමධර්මයට බැසගන්නේ යැ.
නියතස්ස නියාමකථා නිමි.
13. 5.
නිවුතකථා
[‘ශුද්ධපුද්ගලයාහට ශුද්ධිකෘත්ය නැති බැවින් නීවරණයෙන් නිවෘත වූයේ (වෙළුණු පුද්ගලයා) නීවරණ දුරු කෙරේ’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිවුතකථා’ එයි.]
1. ස. පු: නීවරණයෙන් නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඪ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශය හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රාගය චිත්තසම්ප්රයුක්ත වේ ද? මාර්ගය චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය අකුශල වේ ද? මාර්ගය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාග ධර්මයෝ සම්මුඛීභාවයට එද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල, සාවද්යානවද්යා, හීනප්රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාග ධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.