12. 8.
ජීවිතාවෝරෝපන කථා
[‘ප්රාණවධය ද්වේෂ සම්ප්රයුක්ත චිත්තයෙන් වෙයි. ද්වේෂය ද දෘෂ්ටිසම්පන්නයාහට අප්රහීන යැ. ඒ හේතුවින් දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන ප්රාණවධ කෙරේය’ යි පූර්වශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ජීවිතාවෝරෝපනකථා එයි.]
1. ස. පු: දෘෂ්ටිසම්පන්න (සෝතාපන්න) පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවි ගළවන්නේ වේ ද ... පියා දිවි ගළවන්නේ වේ ද? ... රහත්හු දිවි ගළවන්නේ වේ ද ... දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලෙහෙ සලන්නේ වේ ද? ... සඞ්ඝභේද කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (සෝතාපන්නයා පිළිබඳ අස්ථාන කරුණු හෙයින් ප්රතික්ෂිප්තයි.)
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ධර්මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්ෂායෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්ෂායෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්ෂායෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව සහිත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (අසති අමනසිකාර වශයෙන් අගෞරව සහිත වියහැකි හෙයින් ප්රතිඥාතයි.)
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුද්ධස්තූපයෙහි මල-මූ-සෙම් බැහීම්කිස කරන්නේ වේ ද? බුද්ධස්තූපයෙහි අප්රදක්ෂිණා කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (දැන දැන නොකරන හෙයින් ප්රතික්ෂිප්තයි.)
4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්රය ස්ථිතස්වභාව ඇත්තේ වෙරළ නො ඉක්මපවත්නේ වේ ද, එසෙයින් මැ මහණෙනි, මා විසින් ශ්රාවකයනට යම් ශික්ෂාපදයෙක් පනවනලද වේ ද, එය මාගේ ශ්රාවකයෝ ජීවිතහේතුවිනුදු නො ඉක්මෙති” යි වදාළ සුත්රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
ජීවිතාවෝරෝපනකථා නිමි.