12. 7.
ඒකබීජීකථා
[මෙහි නිදානය ද සත්තක්ඛත්තුපරමකථා යෙ මෙනි.]
1. ප. පු: ‘ඒකබීජී’ පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ ඒකබීජී නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ ඒකබීජී වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ඒකබීජී පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
ඒකබීජීකථා නිමි.
12. 8.
ජීවිතාවෝරෝපන කථා
[‘ප්‍රාණවධය ද්වේෂ සම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙයි. ද්වේෂය ද දෘෂ්ටිසම්පන්නයාහට අප්‍රහීන යැ. ඒ හේතුවින් දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන ප්‍රාණවධ කෙරේය’ යි පූර්‍වශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ජීවිතාවෝරෝපනකථා එයි.]
1. ස. පු: දෘෂ්ටිසම්පන්න (සෝතාපන්න) පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවි ගළවන්නේ වේ ද ... පියා දිවි ගළවන්නේ වේ ද? ... රහත්හු දිවි ගළවන්නේ වේ ද ... දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලෙහෙ සලන්නේ වේ ද? ... සඞ්ඝභේද කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (සෝතාපන්නයා පිළිබඳ අස්ථාන කරුණු හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.