12. 6.
කොලංකොලකථා
[මෙහි නිදානය සත්තක්ඛත්තුපරමකථායෙහි මෙනි.]
1. ප. පු: ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ කොලංකොල නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ කොලංකොල වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
කොලංකොලකථා නිමි.
12. 7.
ඒකබීජීකථා
[මෙහි නිදානය ද සත්තක්ඛත්තුපරමකථා යෙ මෙනි.]
1. ප. පු: ‘ඒකබීජී’ පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ ඒකබීජී නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ ඒකබීජී වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ඒකබීජී පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
ඒකබීජීකථා නිමි.