12. 5.
සත්තක්ඛත්තුපරමකථා
[‘සත්තක්ඛත්තුපරම’ යනු නුනුවණින් ගෙන සත්තක්ඛත්තුපරම සෝතාපන්නපුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත යැයි (සත්වරක්ම ඉපද පිරිනිවේ යයි) උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සත්තක්ඛත්තුපරමකථා’ එයි.]
1. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ඔබ විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ මිච්ඡත්තනියාමය ඔහුට නැත.)
2. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්වර අතර ධර්මය අභිසමය කරන්නට අභව්ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අතර ධර්මය අභිසමය කරන්නට අභව්ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (සත්තක්ඛත්තුපරම විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ අභව්ය කරුණු ඔහුට නැත.)
4. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු (සම්මත) නියාමයෙන් (ඔහුට) ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... සම්මප්පධානයෝ ... ඍද්ධිපාදයෝ ... ඉන්ද්රියයෝ ... බලයෝ ... සම්බෝධ්යඞ්ග කෙනකුන්ගෙන් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්යඞ්ගයෝ ඇද්ද? (සතිපට්ඨානාදි යම් මාර්ගධර්ම නියාමයෙක් (ඔහුට) ඇද්ද? )
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තු පරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැත් නම්,
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
6. ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... යම් බෝධ්යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් ඒ බෝධ්යඞ්ගයෝ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යම් බෝධ්යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්යඞ්ගයෝ නැත් නම්,
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...