12. 4.
සළායතනකථා
[යම් හෙයෙකින් කර්මය කළ බැවින් ෂඩායතනය උපන්නේ වේ ද, එහෙයින් ‘ෂඩායතනය විපාක වේය’ යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනකථා’ එයි.]
1. ස. පු: චක්ෂුරායතනය විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (චක්ෂුරායතනය) සුඛවේදනීය දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්තනා ... ප්රණිධි නැත්තේ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වේ නම් ... අනාලම්බන වේ නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘චක්ෂුරායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) චක්ෂුරායතන විපාක වෙයි, චක්ෂුරායතනය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: චක්ෂුරායතනය විපාක වෙයි. චක්ෂුරායතනය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය නො වනුයේ වේ ද, ... අනාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශ්රෝත්රායතනය ... ඝ්රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (කායායතනය) සුඛවේදනීය දුඃඛවෙදනිය ... සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො ... අනාලම්බන නො, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘කායායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය වේ ද, සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය නො වේ ද ... අනාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය විපාක වෙයි, ස්පර්ශය සුඛවේදනීය නො වේ ද, ... අනාලම්බන වේ ද, එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘සළායතනය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සළායතනය කර්මය කළ බැවින් උපන්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සළායතනය කර්මය කළ බැවින් උපන්නේ වී නම්,
අනු. පා: භවත, එකරුණින් “සළායතනය විපාක වේය” යි කියැයුතු මැ යැ. (මනායතනය විපාක වෙයි. සෙස්ස හුදෙක් කම්මසමුට්ඨානය විපාක නො වේ. එයින් අසාධකයි.
සළායතනකථා නිමි.