12. 3.
සද්දො විපාකොතිකථා
[“සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සනතත්තා විපුලත්තා බ්රහ්මස්සරො හොති” ආදි සූත්ර නුනුවණින් ගෙන “ශබ්දය විපාක වෙති” යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සද්දො විපාකො’ති කථා එයි.]
1. ස. පු: ශබ්දය විපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ශබ්දය) සුඛවේදනීය වේ ද? දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා හා සම්ප්රයුක්ත, දුඃඛාවේදනා හා සම්ප්රයුක්ත, අදුඃඛාසුඛවේදනා හා සම්ප්රයුක්ත, ස්පර්ශය හා සම්ප්රයුක්ත, වේදනාව හා සම්ප්රයුක්ත, සංඥාව හා සම්ප්රයුක්ත, චේතනාව හා සම්ප්රයුක්ත, චිත්තය හා සම්ප්රයුක්ත වේ ද? සාලම්බන වේ ද? එයට ආවර්තනා ආභෝග සමන්වාහාර මනස්කාර චේතනා ප්රාර්ත්ථනා ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්තනා ... ප්රණිධි නැත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්තනා ... ප්රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශය විපාක වෙයි. ස්පර්ශය සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්තනා ... ප්රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: ‘හේ එ කම් කළ බැවින් රැස්කළ බැවින් උත්සන්න බැවින් විපුල බැවින් කුරවිකෙවිල්ලනට බඳු වචන ඇතියේ බ්රහ්මස්වර වේ’ යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. ආ: එ කරුණින් ‘ශබ්දය විපාක’ වෙයි.
සද්දො විපාකොතිකථා නිමි.