11. 5.
ඉද්ධිබලකථා
[ඍද්ධිපාදභාවනානෘශංසයාගේ අර්‍ත්‍ථය නුනුවණින් ගෙන ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ යි මහාසඞ්ඝික නිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ඉද්ධිබලකථා එයි.]
1. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ (මහ) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ආයු ඍද්ධිමය වේ ද, ඒ ගති ඍද්ධිමය වේ ද, ඒ ආත්මභාවප්‍රතිලාභ ඍද්ධිමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීත කල්පයක් සිටුනේ ද, අනාගත කල්පයක් සිටුනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෙකපක් සිටුනේ වේ ද, තුන්කපක් සිටුනේ වේ ද, සතරකපක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද, ජීවිතය නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද?
ප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ යැ.
අනු. ඨ: ඉදින් දිවි ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්,
අනු. පා: භවත ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු මැ යැ.
දිවි නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්, මළේ සිටුනේ යැ, කලුරිය කෙළේ සිටුනේ යි.
5. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: උපන් ස්‍පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලා නවතා ගන්නට) හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්‍මෘතිය ... උපන් සමාධිය ... උපන් ප්‍රඥාව නහමක් නිරුද්ධ වේ ව යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලාගන්නට) ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අනිත්‍යබව නවතා ලන්නට) ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ජාතිස්වභාවය ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්ව’ යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්ව’ යි ... ‘ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධිත වෙත්වයි ... මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්ව’යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...