11. 4.
ඉදං දුක්ඛන්තිකථා
[යෝගාවචර ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි දී ‘මේ දුකැ’ යි බස් බෙණෙයි. එයින් ඔහුට ‘මේ දුකැ’ යි ඥානය ඇත යන ලබ්ධි ගත් අන්‍ධකයන්ගේ වාද බිඳුනට ‘ඉදං දුක්ඛන්ති කථා’ එයි.]
1. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ සමුදය යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ නිරෝධ යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ මාර්‍ග යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ‘මේ සමුදය යැ’යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය නො වෙති’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුඃඛ නො වෙති’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණනුවහට ‘මේ නිරෝධ නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණනුවහට ‘මේ මාර්‍ග නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...