11. 3.
ඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා
[චක්ෂුර්විඥානාදියෙන් සමන්විත අර්හත් තමන් ලැබූ මාර්ගඥානය නිසා ‘ඥානී’ යයි කියනුලැබුව ද ඔබගේ ඒ මාර්ගඥානය ඒ චිත්තය හා සම්ප්රයුක්ත නො වනුයෙන් ඥානය චිත්තවිප්රයුක්ත ය’යි ලබ්ධි ගත් පූර්වශෛලිය නිකායවාසීන්ගේ වාද බඳුනට ‘ඤාණං චිත්තවිප්පයුත්තන්ති’ කථා එයි.]
1. ස. පු: ඥානය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද, නිර්වාණය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඥානය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රඥා, ප්රඥේන්ද්රිය, ප්රඥාබල, සම්යග්දෘෂ්ටි, ධර්මවිචයසම්බෝධ්යඞ්ග චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්රඥා, ප්රඥේන්ද්රිය, ප්රඥාබල, සම්යග්දෘෂ්ටි, ධර්මවිචයසම්බෝධ්යඞ්ග චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඥානය චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඥානය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කවර ස්කන්ධයෙකැ ඇතුළත් වේ ද?
ප. වි: සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් වෙයි.
ස. අනු: සංස්කාරස්කන්ධය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සංස්කාරස්කන්ධය චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්කන්ධ සංඥාස්කන්ධ චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඥානය සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වූයේ චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රඥා සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වූවා චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ප්රඥා සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වූවා චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඥානය සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වූයේ චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ඥානය සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වැ චිත්තවිප්රයුක්ත වෙයි. ප්රඥා සංස්කාරස්කන්ධපර්ය්යාපන්න වැ චිත්තසම්ප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්ධය ඒකදේශ වැ චිත්තසම්ප්රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සංස්කාරස්කන්ධය ඒකදේශ වැ චිත්තසම්ප්රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්කන්ධය සංඥාස්කන්ධය ඒකදේශ වැ චිත්තසම්ප්රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්රයුක්ත වේ ද?
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: ‘ඥානය චිත්තවිප්රයුක්ත යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත් චක්ෂුර්විඥාන සමන්වාගත වැ ‘ඥානී’ යයි කිවයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඥානය ඒ සිතින් සම්ප්රයුක්ත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘ඥානය චිත්තවිප්රයුක්ත වෙයි.’