10. 11.
අවිඤ්ඤත්ති දුස්සීල්යන්තිකථා
[චිත්තවිප්රයුක්ත අපුණ්යෝපචයත් ආණත්තියෙන් ප්රාණඝාතාදියෙහි අඞ්ගසම්පූර්ණත්වයත් සඳහා ‘අවිඥප්තිය දුශ්ශීලකර්ම වේ’ යයි ලබ්ධි ගත් මහාසඞ්ඝිකාදීන්ගේ වාද බිඳුනට ‘අවිඤ්ඤත්ති දුස්සීලන්තිකථා’ එයි.]
1. ස. පු: අවිඥප්තිය දුශ්ශීලකර්ම වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රාණාතිපාත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අයිනාදන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමයෙහි මිසහසර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මුසවා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පාපකර්මසමාදන් වැ දන් දෙන්නහුට පුණ්ය යැ අපුණ්ය යැ යි උභයකර්මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුණ්ය යැ අපුණ්ය යැ යි උභයකර්මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට යෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූර වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මෙ දෙක පළමු වැනි සුවිදූරවිදූරය වෙයි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්යානවද්ය වූ හීනප්රණීත වූ කෘෂ්ණශුක්ලසප්රතිභාග වූ ධර්මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු යැ.
5. ස. පු: පව්කම් සමාදන් වැ සිවුරු දෙන්නහුට, පිඬුවා දෙන්නහුට, සෙනසුන් දෙන්නහුට, ගිලන්පස බෙහෙසත්පිරිකර දෙන්නහුට, අභිවාදනාර්හයාහට අභිවාදන කරන්නහුට, හුනස්නෙන් නැඟෙනු නිසියාහට හුනස්නෙන් නැඟෙනුවහට, අඤ්ජලිකර්මාර්හයාහට අඤ්ජලිකර්ම කරනුවහට, සාමීචිකර්මාර්හයාහට සාමීචිකර්ම කරනුවහට, හිඳුනා අසුන් දෙනු නිසියාහට හිඳුනා අසුන් දෙනුවහට, මඟ දෙනු නිසියාහට මඟ දෙනුවහට පුණ්ය ද අපුණ්ය ද යන උභය ධර්මයෝ වැඩෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුණ්ය ද අපුණ්ය ද යන උභයධර්මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල සාවද්යානවද්ය හීනප්රණීත කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...