1. 9.
සතිපට්ඨානකථා
[ස්මෘතිගෝචරය ද ‘සතිපට්ඨාන’ නම් වෙයි. ස්මෘතීහුදු සතිපට්ඨාන නම් වෙති. එසේ වතුදු අන්‍ධකාදි නිකායන්‍තරවාසී කිසි කෙනෙක් හැම දහම්හු ‘සතිපට්ඨානයහ’ යි නිශ්‍චය කොට කියත්. උන්ගේ වාද බිඳුනට සතිපට්ඨාන කථා එයි.]
1. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සර්‍ව ධර්‍මයෝ – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබලා, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වෙත් ද? ක්‍ෂයගාමී වෙත් ද, බෝධගාමී වෙත් ද, අපචයගාමී වෙත් ද, අනාස්‍රව වෙත් ද, සංයෝජනයනට හිතකර නො වෙත් ද, සංසාර ඝටන නො කළ යුත්තෝ වෙත් ද, සසරවටහි අවගාහ නො කළ යුත්තෝ වෙත් ද, සසරෙහි යුඤ්‍ජන නො කළ යුත්තෝ වෙත් ද, නීවරණයට හිතයෝ නො වෙත් ද, පරාමාස රහිත වෙත් ද, උපාදාන රහිත වෙත් ද, සංක්ලේශ රහිත වෙත් ද? හැම දහම්හු – බුද්ධානුස්මෘති, ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබල, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වේ ද? ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, සංයෝජනයනට හිත නො වේ ද? සංසාරඝටනා නො කළ යුතු වේ ද, සසරවටහි අවගාහ නො කළයුතු වේ ද, සසරෙහි යුඤ්‍ජන නො කළයුතු වේ ද, නීවරණයට හිත නො වේ ද, පරාමාස රහිත වේ ද, උපාදාන රහිත වේ ද, සංක්ලේශ රහිත වේ ද? චක්‍ඛායතනය බුද්ධානුස්මෘති වේ ද? ධර්‍මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය … රූපායතනය ... ශබ්දායතනය ... ගන්‍ධායතනය ... රසායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සතිපට්ඨාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ඛායතනය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? එ (ස්මෘති) ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝතායතන ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... ඵොට්ඨබ්බායතන ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: චක්‍ඛායතන සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සෝතායතනය ... කායායතනය ... රූපායතනය ... ඵොට්ඨබ්බායතනය ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...