1. 10.
හේවත්ථිකථා
[අතීතාදි භෙදභින්න වූ හැම දහම්හු රූපාදි වශයෙන් ඇත. අනාගත ප්රත්යුත්පන්න වශයෙන් අතීතයත්, අතීතාදි වශයෙන් අනාගත ප්රත්යුත්පන්නයෝත් නැත. එකරුණින් මෙ හැම ‘මෙසේ’ ඇත. මෙසේ නැතැ’යි විවාද කරන අන්ධකයන්ගේ විවාද බිඳුනට හේවත්ථි කථා එයි.]
1. ස. පු: අතීතය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: (ඉදින් අතීතය මැ ‘මෙසේ ඇත, මෙසේ නැතැ’යි ලබ්ධි ඇත් නම් එසේ වත් මැ) එය මැ ඇද්ද? එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ත්යත්ථිය නාස්ත්යත්ථි වේ ද? නාස්ත්යත්ථිය අස්ත්යත්ථිය වේ ද? අස්තිස්වභාවය නාස්තිස්වභාව වේ ද? නාස්තිස්වභාවය අස්තිස්වභාව වේ ද? අස්තිධර්ම හෝ නාස්තිධර්ම හෝ වේ ද, නාස්තිධර්ම හෝ අස්තිධර්ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) එකාත්ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අනාගතය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ත්යත්ථිය නාස්ත්යත්ථි වේ ද? නාස්ත්යත්ථිය අස්ත්යත්ථි වේ ද? අස්තිස්වභාවය නාස්තිස්වභාව වේ ද? නාස්තිස්වභාවය අස්තිස්වභාව වේ ද? අස්තිධර්ම හෝ වේ ද? නාස්තිධර්ම හෝ අස්තිධර්ම හෝ වේ ද? තෙලෙ මැ හෙ වේ ද? (එයින් මැ) ඒකාත්ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: ප්රත්යුත්පන්නය ඇද්ද?
ප. වි: මෙසේ ඇත, මෙසේ නැත.
ස. අනු: එය මැ ඇද්ද, එය මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: එය මැ ඇද්ද? එය මැ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ත්යත්ථිය නාස්ත්යත්ථි වේ ද? ... සම වේ ද? සමභාග වේ ද? එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අතීතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ප. වි: අතීතය අතීත කොට ගෙන මෙසෙයින් ඇත. අතීතය අනාගත කොට ගෙන මෙසෙයින් නැත. අතීතය ප්රත්යුත්පන්න කොට ගෙන මෙසෙයින් නැත.
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අස්ත්යත්ථිය නාස්ත්යත්ථි වේ ද, නාස්ත්යත්ථිය අස්ත්යත්ථි වේ ද, අස්තිභාවය නාස්තිභාව වේ ද, නාස්තිභාවය අස්තිභාව වේ ද, අස්තිධර්ම හෝ නාස්තිධර්ම හෝ වේ ද, නාස්තිධර්ම හෝ අස්තිධර්ම හෝ වේ ද, තෙලෙ මැ හෙ වේ ද, (එයින් මැ) ඒකාත්ථි වේ ද, සම වේ ද, සමභාග වේ ද, එයින් මැ උපනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අනාගතය මෙසේ ඇද්ද, මෙසේ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කෙසේ නම් ඇද්ද, කෙසේ නම් නැද්ද?
ප. වි: අනාගතය අනාගත කොටගෙන මෙසෙයින් ඇත. අනාගතය අතීත කොටගෙන මෙසෙයින් නැත. අනාගතය ප්රත්යුත්පන්න කොටගෙන මෙසේ නැත.
ස. අනු: හෙ මැ ඇද්ද, හෙ මැ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...