1. 8.
ඒකච්චං අත්ථීතිකථා
[කාශ්යපීයනිකායවාසීහු ‘කිසි අතීතයෙක් ඇති’යි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි බිඳුනට ‘ඒකච්චං අත්ථී’ති කථා එයි.]
1. ස. පු: අතීතය ඇද්ද?
ප. වි: කිසි අතීතයෙක් ඇත, කිසි අතීතයෙක් නැත.
ස. අනු: කිසි අතීතයෙක් නිරුද්ධ ද? කිසි අතීතයෙක් අනිරුද්ධ ද? කිසි අතීතයෙක් විගත ද? කිසි අතීතයෙක් අවිගත ද? කිසි අතීතයෙක් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් අනස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි අවිපක්ව (නො පැසුණු) විපාක ධර්ම කෙනෙක් ඇද්ද? කිසි (අවිපක්වවිපාක) ධර්ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි විපක්ව (පැසුණු) විපාකධර්ම කෙනෙක් ඇද්ද? කිසි ධර්ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ කිසි අවිපාකධර්ම කෙනෙක් ඇද්ද? කිසි ධර්ම කෙනෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුමක් ඇද්ද? කුමක් නැද්ද?
ප. වි: අතීත වූ අවිපක්වවිපාකධර්ම කෙනෙක් වෙත් ද, ඔහු ඇත. අතීත වූ විපක්වවිපාකධර්ම කෙනෙක් වෙත් ද, ඔහු නැත.
ස. අනු: අතීත වූ අවිපක්වවිපාකධර්ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ විපක්වවිපාකධර්ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: අතීත වූ අවිපක්වවිපාකධර්ම කෙනෙක් ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපාකධර්මයෝ ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අතීත වූ විපක්වවිපාකධර්මයෝ ඇත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්වවිපාකධර්මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: අතීත වූ අවිපාකධර්මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්වවිපාකධර්මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අතීත වූ අවිපක්වවිපාකධර්මයෝ වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීත වූ අවිපක්වවිපාක ධර්මයෝ නිරුද්ධ වූවාහු නො?
ප. පටිඤ්ඤා: එසේ යැ
අනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්වවිපාකර්ධමයෝ නිරුද්ධ වූවාහු නම්,
අනු. පා: එකරුණින් භවත, ‘අතීත අවිපක්වවිපාකධර්මයෝ වෙත් නම් ඔහු ඇතැ’යි නො කියැයුතු මැ යැ.