1. 5.
ජහතිකථා
[දැහැන් ලද පුහුදුන් පුඟුල් සත්‍යාභිසමය කරන්නා හා මැ අනගැමි නම් වෙයි. ‘පුහුදුන් කල්හි මැ උහුගේ කාමරාගව්‍යාපාදයෝ ප්‍රහීණයහ’ යි ලබ්ධි ගත් සම්මිතියනිකායවාසීන්ගේ විවාද බිඳුනට ජහතිකථා එයි.]
1. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද?
ප. පටිඤ්ඤා: (ධ්‍යානයෙන් විෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය නො දක්මින් කරන පිළින–) එසේ යැ.
ස. අනු: (ධ්‍යානවිෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ අනාගාමිමාර්‍ගයෙන් මැ අත්‍යන්තප්‍රහාණ වේ ද, එහෙයින් නඟන අනුයෝග–) අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? අප්‍රතිසන්‍ධික කොට හැරපියා ද? මූල සහිත කොට හැරපියා ද? තෘෂ්ණා සහිත කොට හැරපියා ද? අනුශය සහිත කොට හැරපියා ද? ආර්‍ය්‍යඥානයෙන් හැරපියා ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් හැරපියා ද? අකෝපන කොට පිළිවිදුමින් හැරපියා ද? අනාගාමිඵලය පසක්කරනුයේ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
2. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද (අත්‍යන්තවිෂ්කම්භණයෙන් විෂ්කම්භණ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? අප්‍රතිසන්‍ධික කොට විෂ්කම්භණ කෙරේ ද? මූල සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? තෘෂ්ණා සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? අනුශය සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යඥානයෙන් විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් විෂ්කම්භණ කෙරේ ද? අකෝපන කොට පිළිවිදුනේ විෂ්කම්භණ කෙරේ ද? අනගැමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද, අනවශේෂ කොට හැරපියා ද … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: අනාගාමීඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? අනවශේෂ නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද, හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …