1. 4.
ඕධිසෝකථා
[සම්මිතියනිකාවැසියන් ආදි කිසි කෙනෙක් නානාභිසමය විසින් දුඃඛ දර්‍ශනාදීන් එක් එක් දෙසකින් ශ්‍රෝතාපන්නාදින්ගේ ක්ලේශප්‍රහාණය කැමැති වෙත් ද, උන්ගේ ලබ්ධි බිඳුනට ඕධිසෝ කථා එයි.]
1. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශ ක්ලේශ කෙනකුන් හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් සෝවත්ඵලයට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ එයට එළඹ වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? ඒකදේශයකින් බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වේ ද?
ප. පටි: (ඒකදේශයෙකින් සෝවන් ආදි බව නො ලැබෙනුයෙන්) එසේ නො කියැයුතු මැ යැ …
2. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: නිරෝධ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයන් හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ශීලව්‍රතපරාමර්‍ශය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැසාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වෙසේ ද? ඒකදේශයකින් නාමකයින් පැහැසගෙන වෙසේ ද, ඒකදේශයකින් නාමකයින් පැහැස නො ගෙන වෙසේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තු පරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? [ඒකදේශයකින්] බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්නාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ පිළිවිදිනා ලදු වැ පිළිලදු වැ දන්නා ලදුවැ පසක් කරන ලදු වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] කයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් කයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …