1476. සංයෝජනධර්මයෝ කවරහ යත්:
සංයෝජන දසයෙකි: කාමරාගසංයෝජන යැ, ප්රතිඝසංයෝජන යැ, මානසංයෝජන යැ, දෘෂ්ටිසංයෝජන යැ, විචිකිත්සාසංයෝජන යැ, ශීලව්රතපරාමර්ශසංයෝජන යැ, භවරාගසංයෝජන යැ, ඊර්ෂ්යාසංයෝජන යැ, මාත්සර්ය්යසංයෝජන යැ, අවිද්යාසංයෝජන යි.
කාමරාගසංයෝජනය අෂ්ට ලෝභසසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ප්රතිඝසංයෝජනය දොම්නස් සහගිය දෙ සිත්හි උපදී. මානසංයෝජනය දෘෂ්ටිගතවිප්රයුක්ත වූ ලෝභ සහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිසංයෝජනය දෘෂ්ටිගතසම්ප්රයුක්ත වූ සතර සිත්හි උපදී. විචිකිත්සාසංයෝජනය විචිකිත්සාසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ශීලව්රතපරාමර්ශසංයෝජනය දෘෂ්ටිගතසම්ප්රයුක්ත සතර සිත්හි උපදී. භවරාගසංයෝජනය දෘෂ්ටිගතවිප්රයුක්ත වූ ලෝභසහගත සිත්හි උපදී. ඊර්ෂ්යාසංයෝජනයත් මාත්සර්ය්යසංයෝජනයත් දොම්නස්සහගිය දෙසිත්හි උපදිති. අවිද්යාසංයෝජනය සියලු අකුශල සිත්හි උපදී. මොහු සංයෝජන ධර්මයෝ යි.
1477. සංයෝජන නො වූ ධර්මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු සංයෝජන නො වූ ධර්මයෝ යි.
1478. සංයෝජනය (සංයෝජනයන්ට හිත වූ) ධර්මයෝ කවරහ යත්:
ත්රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ධර්මයෝ යි.
1479. අසංයෝජනිය ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න වු සතර මාර්ගයෝ ද, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු සංයෝජනීය නොවූ ධර්මයෝ යි.
1480.සංයෝජනසම්ප්රයුක්ත වු ධර්මයෝ කවරහ යත්:
ඖද්ධත්යසහගත මෝහය තබා අවශේෂ අකුශලය යි. මොහු සංයෝජනසම්ප්රයුක්ත වු ධර්මයෝ යි.
1481. සංයෝජනවිප්රයුක්ත වූ ධර්මයෝ කවරහ යත්:
ඖද්ධත්යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, රූප ය ද, නිර්වාණය දැයි මොහු සංයෝජනවිප්රයුක්ත වූ ධර්මයෝ යි.
1482. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්මයෝ කවරහ යත්:
ඒ සංයෝජනයෝ මැ සංයෝජනයෝ ද සංයෝජනයන්ට හිත වූවාහු ද වෙත්.
1483. සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, තුන්බිමැ කුශල යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්මයෝ යි.
අසංයෝජනිය ධර්මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති’යි ද, සංයෝජනීයත් නො ද සංයෝජනත් වෙති’යි ද නො කියැයුත්තාහ.
1484. සංයෝජන වූ ද සංයෝජනසම්ප්රයුක්ත වූ ද ධර්මයෝ කවරහ යත්:
යම් සිතෙක දෙතුන් සංයෝජන කෙනෙක් එක්වට උපදිත් ද, මොහු සංයෝජන වූත් සංයෝජනසම්ප්රයුක්ත වූ ත් ධර්මයෝ යි.
1485. සංයෝජනසම්ප්රයුක්ත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, මොහු සංයෝජනසම්ප්රයුක්ත වූත් නො ද සංයෝජන වූත් ධර්මයෝ යි.
සංයෝජනවිප්රයුක්ත වූ ධර්මයෝ සංයෝජනයෝත් සංයෝජනසම්ප්රයුක්තයෝත් වෙති’යි ද, සංයෝජනසම්ප්රයුක්ත වූවෝත් නො ද සංයෝජනයෝත් වෙතී’යි ද නො කියැයුත්තාහ.
1486. සංයෝජනවිප්රයුක්ත වූ සංයෝජනීය ධර්මයෝ කවරහ යත්:
ඖද්ධත්යසහගත මෝහ යැ, ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනවිප්රයුක්ත වූ සංයෝජන ධර්මයෝ යි.
1487. සංයෝජනවිප්රයුක්ත වූ අසංයෝජනිය ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු සංයෝජනවිප්රයුක්ත වූ අසංයෝජනිය ධර්මයෝ යි.
සංයෝජනසම්ප්රයුක්ත වූ ධර්මයෝ සංයෝජනවිප්රයුක්ත වූ සංයෝජනීය වූහ යි ද, සංයෝජන විපුයයුක්ත වූ අසංයෝජනීයහ’යි ද නො කියැයුත්තාහ.
සංයෝජනගොච්ඡක යි.
1488. ග්රන්ථධර්මයෝ කවරහ යත්:
ග්රන්ථයෝ සතර දෙනෙකි: අභිධ්යාකායග්රන්ථ යැ, ව්යාපාදකායග්රන්ථ යැ, ශීලව්රතපරාමර්ශකායග්රන්ථ යැ, ඉදම්සත්යාභිනිවේශකායග්රන්ථ යි.
අභිධ්යාකායග්රන්ථය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, ව්යාපාදකායග්රන්ථය දොම්නස්සහගත දෙ සිත්හි උපදී, ශීලව්රතපරාමර්ශකායග්රන්ථය ද ඉදම්සත්යාභිනිවේශකායග්රන්ථය ද දෘෂ්ටිගතසම්ප්රයුක්ත සතර සිත්හි උපදිත්. මොහු ග්රන්ථධර්මයෝ යි.