1440. හේතුධර්මයෝ කවරහ යත්:
තුන් කුශලහේතූහු යැ, තුන් අකුශලහේතූහු යැ, තුන් අව්යාකෘතහේතූහු යි.
අලෝභ කුශලහේතු හා අද්වේෂ කුශල හේතු හා චාතුර්භූමක කුශලයෙහි උපදිති. අමෝහ කුශලහේතුව කාමාවචර කුශලයෙන් සතර ඥානවිප්රයුක්ත චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක කුශලයෙහි උපදී.
ලෝභය ලෝභසහගත චිත්තෝත්පාද අටෙහි උපදී, ද්වේෂය දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙකෙහි උපදී, මෝහය සියලු අකුශලයන්හි උපදී.
අලෝභවිපාකහේතුව හා අදෝසවිපාකහේතුව හා දෙක කාමාවචරවිපාකයෙහි අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයෙහි උපදිත්.
අමෝහවිපාකහේතුව කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්රයුක්ත චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපකායෙහි උපදී.
අලෝභක්රියාහේතු හා අදෝසක්රියාහේතු හා මොහු කාමාවචරක්රියායෙන් අහේතුකචිත්තෝත්පාද තබා ත්රෛභූමකක්රියායෙහි උපදිත්.
අමෝහක්රියාහේතුව කාමාවචරක්රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්රයුක්ත චිත්තෝත්පාද තබා ත්රෛභූමකක්රියායෙහි උපදී. මේ ධර්මයෝ හේතූහු වෙත්.
1441.හේතු නොවන ධර්මයෝ කවරහ යත්:
හේතුධර්ම තබා චාතුර්භූමක කුශල යැ, අකුශ යැ, චාතුර්භූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මේ ධර්මයෝ හේතු නොවන ධර්මයෝ යි.
1442. සහේතුක ධර්මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, මේ ධර්මයෝ සහේතුකයෝ යි.
1443. අහේතුක ධර්මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතූහු ද පස් අහේතුක මනෝවිඥානධාතූහු ද රූපය නිර්වාණය දැයි මේ ධර්මයෝ අහේතුකයෝ යි.
1444. හේතුසම්ප්රයුක්තධර්මයෝ කවර යත්:
විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයැ, කාමාවචර ක්රියා හෙයින් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ යන මේ ධර්මයෝ ක්රියාව්යාකෘතයෝ යි.
1445. හේතුවිප්රයුක්තධර්මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතුහු ද, අහේතුක මනෝවිඥානධාතු පස ද, රූපය ද, නිර්වාණය දැයි මේ ධර්මයෝ හේතුවිප්රයුක්තයෝ යි.
1446. හේතු වූ ද සම්ප්රයුක්තහේතු සහිත ද වූ ධර්මයෝ කවරහ යත්:
යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් එක්වට උපදනාහු වෙත් ද, මේ ධර්මයෝ හේතු ද සම්ප්රයුක්ත හේතුයෙන් සහේතුක ද වෙත්.
1447. සහේතුක ද වූ නො ද හේතු වූ ධර්මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයෙන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්රෛභූමක ක්රියාව්යකෘත යැ, මෙහි උපන් හේතුන් තබා, මේ දහම්හු සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.
අහේතුක ධර්මයෝ හේතු ද සහේතුක ද වෙති’යි ද, සහේතුක ද නො ද හේතු වෙති’යි ද නොකියයුත්තාහ.
1448. හේතු වූ ද හේතුසම්ප්රයුක්ත වූ ද ධර්මයෝ කවරහ යත්:
යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් (අන්ය හේතූන් සමග) එක්වට උපදිත් ද, මොහු හේතු වූද හේතුසම්ප්රයුක්ත වූ ද ධර්මයෝ යි.
1449. හේතුසම්ප්රයුක්ත වූ ද නො ද හේතු වු ධර්මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතුසම්ප්රයුක්ත ද වූ නො ද හේතු වූ ධර්මයෝ යි.
හේතුවිප්රයුක්ත ධර්මයෝ හේතු ද වූ හේතුසම්ප්රයුක්ත වූවෝ යයි ද, හේතුසම්ප්රයුක්ත ද වූ නො ද හේතු වූහ’යි ද නො කියැයුත්තාහ.
1450. හේතු නො වූ සහේතුක ධර්මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචරක්රියායෙන් අහේතුක චිත්තෝත්පදායන් තබා ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතු නො වූ සහේතුක ධර්මයෝ යි.