1580. දර්‍ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදය දැ’යි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ යි.
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
1581. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
උද්ධච්චසහගත චිත්තෝත්පාදයැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
1582. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
1583. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
1584. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ මෙහි උපන් මෝහය හැර යි. මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගත දෙසිත යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
1585. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ යත්:
විචිකිත්සාසහගත මෝහ යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
1586. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මෙහි උපන් මෝහය හැර යි. මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාද යැ, දොම්නස් සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
1587. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
1588. සවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශල යැ, අකුශල යැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලයාගේ විපාකයෙන් දෙසිතෙක, ක්‍රියායෙන් එකොලොසෙක, කුශලහෙයින් ද, විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන යැ,මෙහි උපන් විතර්‍කය හැර යි. මොහු සවිතර්‍ක ධර්‍මයෝ යි.