1552. උපාදනධර්මයෝ කවරහ යත්:
උපාදාන සතරෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
කාමූපාදානය ලෝභසහගත සිත් අටෙහි උපදී. දිට්ඨූපාදානය ද සීලතබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද දෘෂ්ටිගතසම්ප්රයුක්ත සිත් සතරෙහි උපදිත්. මේ ධර්මයෝ උපාදානයෝ යි.
1553. උපාදාන නො වු ධර්මයෝ කවරහ යත්:
උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශලයැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු උපාදාන නො වූ ධර්මයෝ යි.
1554. උපාදානිය (උපාදනයන්ට හිත) ධර්මයෝ කවරහ යත්:
ත්රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපාදානිය ධර්මයෝ යි.
1555. අනුපාදනීය ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න වූ සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු අනුපාදනීය ධර්මයෝ යි.
1556. උපාදනාසම්ප්රයුක්තධර්මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතසම්ප්රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, දෘෂ්ටිගතවිප්රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, මෙහි උපන් ලෝභය තබා යි. මේ ධර්මයෝ උපාදානසම්ප්රයුක්තයෝ යි.
1557. උපාදානවිප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්රයුක්ත ලෝභසහගත සිත් සතරෙහි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය සිත් දෙක යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්යසහගත සිත යැ, සියුබිමැ කුසල යැ, සියුබිමැ විපාක යැ, තුන්බිමැ ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු උපාදානවිප්රයුක්ත ධර්මයෝ යි.
1558. උපාදාන ද උපාදානිය ද වූ ධර්මයෝ කවරහ යත්:
ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
1559. උපාදානිය ද නො ද උපාදාන වු ධර්මයෝ කවරහ යත්:
උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු උපාදානිය ද නො ද උපාදාන වූ ධර්මයෝ යි.
අනුපාදානිය ධර්මයෝ උපාදාන ද වූ උපාදානිය යි ද උපාදානිය ද නො ද උපාදාන වූහ යි ද නො කියැයුත්තාහ.
1560. උපාදාන ද උපාදානසම්ප්රයුක්ත ද වූ ධර්මයෝ කවරහ යත්:
යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු උපාදාන ද උපාදානසම්ප්රයුක්ත ද වූ ධර්මයෝ යි.
1561. උපාදානසම්ප්රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්මයෝ කවරහ යත්:
අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් උපාදානයන් තබා, මොහු උපාදානසම්ප්රයුක්ත ද වූ නො ද උපාදාන වූ ධර්මයෝ යි.
උපාදානවිප්රයුක්ත ධර්මයෝ උපාදානා ද වූ උපාදානසම්ප්රයුක්තයෝ යයි ද, උපාදානසම්ප්රයුක්ත ද වූ නො ද උපාදාන වූහ යි නො කියයුත්තාහ.
1562. උපාදානවිප්රයුක්ත වූ උපාදානිය ධර්මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය දෙසිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්යසහගත සිත යැ, ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකාත යැ, හැම රූපය දැයි මොහු උපාදානවිප්රයුක්ත උපාදානිය ධර්මයෝ යි.
1563. උපාදානවිප්රයුක්ත අනුපාදානිය ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න සතරමාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු උපාදානවිප්රයුක්ත අනුපාදානිය ධර්මයෝ යි.
උපාදානසම්ප්රයුක්ත ධර්මයෝ උපාදනාවිප්රයුක්ත උපාදානීයහ යි ද උපාදානවිප්රයුක්ත අනුපාදානීයහ යි ද නො කියැයුත්තාහ.
උපාදානගොච්ඡක යි.
1564. ක්ලේශධර්මයෝ කවරහ යත්:
ක්ලේශවස්තු දසයෙකි: ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්යාන යැ, ඖද්ධත්ය යැ, අහ්රීක යැ, අනපත්රපා යි.
ලෝභය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ද්වේෂය දොම්නස්සහගිය දෙසිත්හි උපදී. මෝහය සියලු අකුශලයෙහි උපදී. මානය දෘෂ්ටිගතවිප්රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිය දෘෂ්ටිගතසම්ප්රයුක්ත සතර සිත්හි උපදී. විචිකිත්සාව විචිකිත්සාසහගත සිත්හි උපදී. ස්ත්යානය සසංස්කාරික අකුශලයන්හි උපදී. ඖද්ධත්යය ද අහ්රීකය ද අනොත්තප්පය ද සියලු අකුසල් අකුසල්සිත්හි උපදිත්. මොහු ක්ලේශ ධර්මයෝ යි.
1565. ක්ලේශ නො වූ ධර්මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු ක්ලේශ නො වූ ධර්මයෝ යි.