1524. සාලම්බන ධර්මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්රියාව්යාකෘතයෝ දැ යි සාලම්බන ධර්මයෝ යි.
1525.අනාලම්බන ධර්මයෝ කවරහ යත්:
රූපය ද,නිර්වාණය දැයි මොහු අනාලම්බන ධර්මයෝ යි.
1526. චිත්ත ධර්මයෝ කවරහ යත්:
චක්ෂුර්විඥාන යැ, ශ්රෝත්රවිඥාන යැ, ඝ්රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝධාතු යැ, මනෝවිඥානධාතු යි. මොහු චිත්ත ධර්මයෝ යි.
1527. චිත්ත නො වූ ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු චිත්ත නො වූ ධර්මයෝ යි.
1528. චෛතසික ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, මොහු චෛතසිකධර්මයෝ යි.
1529. අචෛතසික ධර්මයෝ කවරහ යත්:
චිත්තය ද, රූපය ද, නිර්වාණය දැයි මොහු චෛතසික නො වූ ධර්මයෝ යි.
1530. චිත්තසම්ප්රයුක්තධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, යන මොහු චිත්තසම්ප්රයුක්ත ධර්මයෝ යි.
1531. චිත්තවිප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
රූපය ද නිර්වාණය දැයි මොහු චිත්තවිපුයයුක්ත ධර්මයෝ යි.
චිත්තය චිත්තය හා සම්ප්රයුක්ත යයි ද, චිත්තය හා විප්රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
1532. චිත්තය හා සංසෘෂ්ටධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යි. මොහු චිත්තසංසෘෂ්ට ධර්මයෝ යි.
1533. චිත්තය හා විසංසෘෂ්ටධර්මයෝ කවරහ යත්:
රූපය ද නිර්වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට ධර්මයෝ යි.
චිත්තය චිත්තය හා සංසෘෂ්ට යයි ද, චිත්තය හා විසංසෘෂ්ට යයි ද නො කියැයුත්තේ යි.
1534. චිත්තසමුත්ථානධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යළි චිත්තජ චිත්තහේතුක චිත්තසමුත්ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද එ යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්ධායතන යැ, රසායතන යැ, ස්ප්රෂ්ටව්යායතන යැ, ආකාසධාතු යැ, අබ්ධාතු යැ, රූපලඝුත්ව යැ, රූපමෘදුත්ව යැ, රූපකර්මණ්යතා යැ, රූපෝපචය යැ, රූපසන්තති යැ, කවලීකාරාහාර යැ , යන මොහු චිත්තසමුත්ථාන ධර්මයෝ යි.
1535. චිත්තසමුත්ථාන නො වූ ධර්මයෝ කවරහ යත්:
චිත්තය ද අවශේෂරූපයද නිර්වාණය දැයි මොහු චිත්තසමුත්ථාන නො වූ ධර්මයෝ යි.
1536. චිත්තසහභූ ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු සිත හා එක් වැ උපදනා (-චිත්තසහභූ) ධර්මයෝ යි.
1537. චිත්තසහභූ නො වූ ධර්මයෝ කවරහ යත්:
සිත ද අවශේෂ රූපය ද නිවන දැයි මොහු චිත්තසහභූ නො වූ ධර්මයෝ යි.
1538. චිත්තානුපරිවර්ති ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු චිත්තානුපරිවර්ති ධර්මයෝ යි.
1539. චිත්තානුපරිවර්තී නො වූ ධර්මයෝ කවරහ යත්:
චිත්තය ද අවශේෂ රූපය ද නිර්වාණය දැයි මොහු චිත්තානුපරිවර්තී නො වූ ධර්මයෝ යි.
1540. චිත්තසංසෘෂ්ට සමුත්ථාන ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්ථාන ධර්මයෝ යි.