1514. පරාමර්ශ ධර්මයෝ කවරහ යත්:
දෘෂ්ටිපරාමර්ශය දෘෂ්ටිගතසම්ප්රයුක්ත වූ සතර සිත්හි උපදී. මොහු පරාමර්ශ ධර්මයෝ යි.
1515. පරාමර්ශ නො වූ ධර්මයෝ කවරහ යත්:
පරාමාසය තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු පරාමර්ශ නො වූ ධර්මයෝ යි.
1516. පරාමෘෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්මයෝ කවරහයත්:
ත්රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමෘෂ්ට ධර්මයෝ යි.
1517. අපරාමෘෂ්ට ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු අපරාමෘෂ්ට ධර්මයෝ යි.
1518. පරාමර්ශසම්ප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් පරාමර්ශය හැර යි. මොහු පරාමර්ශසම්ප්රයුක්ත ධර්මයෝ යි.
1519.පරාමර්ශවිප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දෝමනස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, විචිකිච්ඡාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ. චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මෙහු පරාමර්ශවිප්රයුක්ත ධර්මයෝ යැ.
පරාමාසය තෙමේ පරාමර්ශසම්ප්රයුක්ත යයි ද, පරාමර්ශවිප්රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
1520. පරාමර්ශ ද වූ පරාමෘෂ්ට ද වූ ධර්මයෝ කවරහ යත්:
එ මැ පරාමාසය පරාමර්ශ ද පරාමෘෂ්ට ද වේ.
1521. පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්ශ වූ ධර්මයෝ කවරහ යත්:
පරාමාසය තබා අවශේෂ අකුශල යැ, ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යකෘත යැ, හැම රූප දැයි මොහු පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්ශ වූ ධර්මයෝ යි.
අපරාමෘෂ්ට ධර්මයෝ පරාමර්ශ ද වූ පරාමෘෂ්ටයහ’යිද, පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්ශහ’යිද නොකියයුත්තාහ.
1522. පරාමර්ශවිප්රයුක්ත වූ පරාමාෂ්ට ධර්මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්රයුක්ත ලෝභසහගත සිත්හු යැ, දෝමනස්සහගත දෙ සිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, උද්ධච්චසහගත සිත යැ, තුන්බිමැ කුසල් යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමර්ශවිප්රයුක්ත පරාමෘෂ්ට ධර්මයෝ යි.
1523. පරාමර්ශවිප්රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න වූ සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණඵලයෝ ද, නිර්වාණය දැ යි මොහු පරාමර්ශවිප්රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්මයෝ යි.
පරාමර්ශ වූ ද පරාමර්ශසම්ප්රයුක්ත වු ද ධර්මයෝ පරාමර්ශවිප්රයුක්ත වූ පරාමෘෂ්ටයහ’යි ද පරාමර්ශවිප්රයුක්ත වූ අපරාමෘෂ්ටයහ’යි ද නො කියැයුත්තාහ.
පරාමාසගොච්ඡක යි.
1524. සාලම්බන ධර්මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්රියාව්යාකෘතයෝ දැ යි සාලම්බන ධර්මයෝ යි.
1525.අනාලම්බන ධර්මයෝ කවරහ යත්:
රූපය ද,නිර්වාණය දැයි මොහු අනාලම්බන ධර්මයෝ යි.
1526. චිත්ත ධර්මයෝ කවරහ යත්:
චක්ෂුර්විඥාන යැ, ශ්රෝත්රවිඥාන යැ, ඝ්රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝධාතු යැ, මනෝවිඥානධාතු යි. මොහු චිත්ත ධර්මයෝ යි.
1527. චිත්ත නො වූ ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු චිත්ත නො වූ ධර්මයෝ යි.
1528. චෛතසික ධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, මොහු චෛතසිකධර්මයෝ යි.
1529. අචෛතසික ධර්මයෝ කවරහ යත්:
චිත්තය ද, රූපය ද, නිර්වාණය දැයි මොහු චෛතසික නො වූ ධර්මයෝ යි.
1530. චිත්තසම්ප්රයුක්තධර්මයෝ කවරහ යත්:
වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, යන මොහු චිත්තසම්ප්රයුක්ත ධර්මයෝ යි.
1531. චිත්තවිප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
රූපය ද නිර්වාණය දැයි මොහු චිත්තවිපුයයුක්ත ධර්මයෝ යි.
චිත්තය චිත්තය හා සම්ප්රයුක්ත යයි ද, චිත්තය හා විප්රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.