1058. කවර ධර්මයෝ හේතු වෙති යත්:
තුන් කුශල හේතු ය. තුන් අකුශල හේතු ය. තුන් අව්යාකෘත හේතු ය. නව කාමාවචර හේතුය. ෂඩ් රූපාවචර හේතු ය. ෂඩ් අරූපාවචර හේතු ය. ෂඩ් අපරියාපන්න හේතු යි.
1059. එහි තුන් කුශල හේතු කවරහ යත්:
අලෝභ ය. අදෝස ය. අමෝහ යි.
1060. එහි අලෝභ කවරේ යත්:
යම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්යායෙක් අලෝභ සඞ්ඛ්යාත කුශල මූලයෙක් වේ ද, මේ අලෝභ ය යි කියනු ලැබේ.
1061. එහි අද්වේෂ කවරේ යත්:
යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් මෛත්රියක් මෛත්ර්යාකාරයෙක් මෛත්රී ඇති බවෙක් අනුද්දයාවෙක් (රැකීමෙක්) අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පායෙක් අව්යාපාදයෙක් ක්රෝධ දුඃඛය නැති බවෙක් අදෝස සඞ්ඛ්යාත කුසල මූලයෙක් වේ ද, මේ අද්වේෂයයි කියනු ලැබේ.
1062. එහි අමෝහ කවරේ යත්:
දුඃඛසත්යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්රතිපදායෙහි ඥානය, පූර්වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්න ධර්මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්රඥාවක් පජානනාකාරයෙක් (අනිත්යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්ෂණයෙක් ප්රත්යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්රඥාවෙක් මේධා (ධාරණප්රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්යග්ඥානයෙක් (ප්රඥා) පතෝදයෙක් ප්රඥාවක් ප්රඥේන්ද්රියයෙක් ප්රඥාබලයෙක් ප්රඥාශස්ත්රෙයක් ප්රඥාප්රාසාදයෙක් ප්රඥා ආලෝකයෙක් ප්රඥා අවභාසයෙක් ප්රඥා ප්රද්යෝතයෙක් ප්රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.
මේ තුන් අකුසල් හේතු වෙත්.
1063. එහි තුන් අකුශලහේතු කවරහ යත්:
ලෝභ ය. දෝස ය. මෝහ යි.
1064. එහි ලෝභ කවරේ යත්:
යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් (විෂයයන්හි පැමිණැවීමෙක්) අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්දියෙක් නන්දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් එජායෙක් මායාවක් (සසරැ උපදවන) ජනිකාවක් සඤ්ජනනියක්(චුති - පිළිසිඳ විසින්) හිවීමෙක් ජාලිනියක් සරිතාවක් විසත්තිකායෙක් සූත්ර(හූ)යෙක් පැතිරීමෙක් ආයූහිනියක් ද්විතීයාවක් ප්රණිධියෙක් භවරජ්ජු (රැහැන)යෙක් වනයෙක් වනථයෙක් සන්ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් පටිබන්ධුයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්ධාශායෙක් රසාශායෙක් ස්ප්රෂ්ටව්යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්රාශායෙක් ජීවිතාශායෙක් ජල්පායෙක් ප්රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් ස්වාදු කම්යතායෙක් අධර්මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් කැමතිවන අයුරෙක් ප්රාර්ත්ථනායෙක් රිසි වීමෙක් සම්ප්රාර්ත්ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපයෙහි තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පෘෂ්ටව්යතෘෂ්ණායෙක් ධර්මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්රන්ථයෙක් උපාදානයෙක් (කුසලයන්ගේ) ආවරණයෙක් නීවරණයෙක් ඡාදනයෙක් බන්ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (පරියුට්ඨාන) කුශලවාරය ගැනීමෙක් ලතායෙක් විවිධ ඉච්ඡායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්රභවයෙක් මාරපාසයෙක් මාරබලිස (බිලි)යෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියක් තෘෂ්ණා ජාලයෙක් තෘෂ්ණා ගර්දුලයෙක් තෘෂ්ණා සමුද්රයෙක් අභිධ්යායෙක් ලෝභ - අකුසල මූලයෙක් වේ ද, මේ ලෝභ ය යි කියනු ලැබේ.