1302. විද්යාභාගීධර්මයෝ කවරහ යත්:
අෂ්ටවිද්යායෙන් සම්ප්රයුක්ත වූ ධර්මයෝ යැ. මොහු විද්යාභාගී ධර්මයෝ යි.
1303. අවිද්යාභාගීධර්මයෝ කවරහ යත්:
සත්යප්රතිච්ඡාදක අවිද්යාව හා සම්ප්රයුක්ත ධර්මයෝ යැ. මොහු අවිද්යාභාගී ධර්මයෝ යි.
1304. විදුලි උපමා කොට ඇති ධර්මයෝ කවරහ යත්:
යට තුන් අරිමගැ වූ ප්රඥා යැ. මොහු විදුලි උපමා කොට ඇති ධර්මයෝ යි.
1305. වජ්රෝපමධර්මයෝ කවරහ යත්:
උපරිම වූ රහත්මගැ ප්රඥා යැ. මොහු වජ්රෝපමධර්මයෝ යි.
1306. බාලධර්මයෝ කවරහ යත්:
අහ්රීක ද අනපත්රපා ද යන මොහු බාලධර්මයෝ යැ. හැම අකුසල්හු බාලධර්මයෝ යි.
1307. පණ්ඩිතධර්මයෝ කවරහ යත්:
හ්රී ද අපත්රපා ද යන මොහු පණ්ඩිතධර්මයෝ යැ. හැම කුසල්දහම්හු පණ්ඩිතධර්මයෝ යි.
1308. කෘෂ්ණධර්මයෝ කවරහ යත්:
අහ්රීක ද අනපත්රපා ද යන මොහු කෘෂ්ණධර්මයෝ යැ. හැම අකුසල්හු කෘෂ්ණධර්මයෝ යි.
1309. ශුක්ලධර්මයෝ කවරහ යත්:
හ්රී ද අපත්රපා ද යන මොහු ශුක්ලධර්මයෝ යැ. හැම කුසල්හු ශුක්ලධර්මයෝ යි.
1310. තපනීයධර්මයෝ කවරහ යත්:
කාය දුශ්චරිත යැ වාග් දුශ්චරිත යැ යන මොහු තපනීයධර්මයෝ යැ. හැම අකුසල්හු තපනීයධර්මයෝ යි.
1311. අතපනීයධර්මයෝ කවරහ යත්:
කායසුචරිත යැ වාග්සුචරිත යැ මනස්සුචරිත යැ යන මොහු අතපනීයධර්මයෝ යැ. හැම කුසල්හු අතපනීයධර්මයෝ යි.
1312. අධිවචනධර්මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්මයන්ගේ යම් සඞ්ඛ්යාවක් සංඥාවක් ප්රඥප්තියෙක් ව්යවහාරයෙක් නාමයෙක් නාමකර්මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු අධිවචනධර්මයෝ යි.
හැම ධර්මයෝ මැ අධිවචනධර්මයෝ යි.
1313. නිරුක්තිධර්මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්මයන්ගේ සඞ්ඛ්යාවක් සංඥාවක් ප්රඥප්තියෙක් ව්යවහාරයෙක් නාමයෙක් නාමකර්මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු නිරුක්තිධර්මයෝ යි.
හැම ධර්මයෝ මැ නිරුක්තිපථයෝ යි.
1314. ප්රඥප්තිධර්මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්මයන්ගේ සඞ්ඛ්යාවක් සංඥාවක් ප්රඥප්තියෙක් ව්යවහාරයෙක් නාමයෙක් නාමකර්මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු ප්රඥප්තිධර්මයෝ යි.
හැම ධර්මයෝ මැ ප්රඥප්තිපථයෝ යි.